පෞද්ගලික අංශයේ වැටුප 2500 කින් වැඩිකෙරේ ?

පෞද්ගලික අංශයේ වැටුප 2500 කින් ඉහළ නංවන සහ අවම වැටුප රුපියල් 10,000 ක් බවට පත් කෙරෙන පනත් කෙටුම්පත් දෙකක් අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්න විසින් මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප පාර්ලිමේන්තු පනතක් මගින් තීරණය කරනු ලබන ප්‍රථම අවස්ථාව මෙයයි.

වෘත්තීය සමිති දීර්ඝ කාලයක සිට රජයෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම පනත් කෙටුම්පත් දෙක සකස් කර තිබෙනවා.

අදාළ පනත් සම්මත වීමෙන් පසුව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් දස දහසක් බවට පත් කෙරෙන අතර, ඒ හා සමගාමීව අවම දෛනික වේතනය රුපියල් 400 ක් බවට පත්වනු ඇති.

මෙය මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන අතර හිඟ වැටුප් ද ගෙවිය යුතු බවයි කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ ඉදිරිපත් කෙරුණු අයවැය මගින් පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 2500 ක වැටුප් වැඩිවීමක් යෝජනා කර තිබුණා.

විෂය භාර අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේ රුපියල් 40,000 ට වඩා අඩු වැටුපක් ලබන පෞද්ගලික අංශයේ සේවකයින්ට මෙම වැටුප් වැඩිවීම හිමිවන බවයි.

එය 2015 වසරේ මැයි මස පළමුවැනිදා සිට අතීතයට බලපාන ලෙස සිදුකිරීමට නියමිතයි.

මේ අතර, පසුගියදා අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද බදු සංශෝධනවලට අදාළව නියමයන් කිහිපයක් ඊයේ පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත වුණා.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment