ගොසිප් වලින් ජනප්‍රිය වෙන්න ඕනෑ නැහැ - සහේලි හි මන්දෝදරී සැබෑ ජීවිතයේදී අරුණි



රඟපෑමට දවසින් දවස අලුත් මුහුණු එනවා. රඟපෑමට එහෙම ආපු අලුත් මුහුණක්‌ තමයි අරුණි මෙන්ඩිස්‌ කියන්නේ. සහේලි හි මන්දෝදරී සහ දේදුන්නයි ආදරේ හි ජිනාලි ලෙසින් අරුණිව මේ දිනවල අපට දැකගන්න පුළුවන්. ඒ නිසාම මීවිත අරුණිට මේ ඉඩකඩ වෙන්කරන්න හිතුවා.

මන්දෝදරීට ලැබෙන ප්‍රතිචාර ?

හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම කොහොමත් ගොඩක්‌ ජනප්‍රිය චරිතයක්‌ නෙමෙයි. මගේ නමට වඩා මම කරපු චරිත සමඟ මාව අඳුරගන්න පිරිසක්‌ ඉන්නවා. ඒ ගැන ඇත්තටම සතුටුයි.

රඟපෑමට එන්න හිතුවේ ?

මම කොහොමත් රඟපෑමට ආසයි. පුංචි කාලේ ඉඳන් මට ලොකු සිහිනයක්‌ තිබුණා රඟපෑමට එන්න ඕනෑ කියලා.

ක්‍ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ ?

අනෙක්‌ ක්‍ෂේත්‍ර වගේම මේ ක්‍ෂේත්‍රයත් හොඳයි.

නිළියකට ලැබෙන්නේ හොඳ ප්‍රතිචාරද?

ලැබෙන ප්‍රතිචාර දරාගෙන අපි ඒ දේවල් හරියට පාවිච්චි කරනවා නම් කිසි ප්‍රශ්නයක්‌ නැතිව මෙතැන වැඩකරන්න පුළුවන්. අනෙක්‌ ක්‍ෂේත්‍රවල ඉන්න පිරිසට නොලැබෙන අවස්‌ථාව අපිට ලැබෙනවා. ඒ ගැන ඇත්තටම සතුටුයි.

අරුණි මෙතැනට ආවේ ජනප්‍රියත්වය බලාගෙනද?

අපොයි නැහැ.

ආසාවට රඟපාන්න ආවේ ඇයි?

මට ඒක මෙහෙමයි කියලා කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි මම වෙන කරන්න දෙයක්‌ නැතිව රඟපාන්න ආපු චරිතයක්‌ නෙමෙයි. අදටත් මට මේ ක්‍ෂේත්‍රය ගැලපෙන්නේ නැහැ කියලා හිතුණොත් ඉවත් වෙනවා. දැනටමත් මම ව්‍යාපාර ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලයි ඉන්නේ. නැතිනම් ඉගෙනගත්තු දෙයින් යමක්‌ කරනවා.

ඉගෙන ගත්තේ මොනවා කරන්න හිතාගෙනද?

ගුරුවරියක්‌ වෙන්න.

නිළියකට වඩා ගුරුවරියකට පිළිගැනීම වැඩියි නේද?

ඇයි නිළියකට පිළිගැනීමක්‌ නැතිද?. මට නම් හිතෙන්නේ ගුරුවරියකට වඩා නිළියකට සමාජයේ පිළිගැනීමක්‌ තියෙනවා කියලයි.

නිළියෝ ගැන අහන්න දකින්න ලැබෙන දේවල් දැක්‌කම මෙතැන වැඩකරන්න බය නැද්ද?

නිළියෝ කොහොමත් ජනප්‍රියයි. ඒ හින්දා ඔවුන්ගේ කටකතා බොහොම ඉක්‌මනින්ම ජනප්‍රිය වෙනවා. හැබැයි ඔය තත්ත්වය අනෙක්‌ ක්‍ෂේත්‍රවලත් තියෙනවා. අපේ ක්‍ෂේත්‍රයෙ ඉන්න පිරිස ජනප්‍රිය හින්දා තමයි ඔහොම හිතන්නේ.

ක්‍ෂේත්‍රයේ අයත් එක්‌ක යාළු මිත්‍රකම් තියාගන්න අමාරුයි කියන කතාව ඇත්තක්‌ද?

මට ක්‍ෂේත්‍රයේ විශේෂ යාළුවෝ කියලා පිරිසක්‌ නැහැ. හැමෝමත් එක්‌ක බොහොම සුහදව වැඩකරනවා. මගෙත් එක්‌ක කවුරුත් තරහක්‌ නැහැ.

ක්‍ෂේත්‍රයට ඇවිත් දිගු කාලයක්‌ වෙනවා නේද?. තවම ප්‍රධාන චරිතයකින් දකින්න ලැබුණේ නැහැනේ ?

අපේ ක්‍ෂේත්‍රයේ ඉන්න පිරිසත් එක්‌ක බලද්දී මම මෙතැනට ඇවිත් තවම අවුරුදු හයයි.

දිගටම වැඩකරන්නද කල්පනාව?

මට අවස්‌ථාවක්‌ ලැබුණොත් රඟපානවා.

නිළියෝ ජනප්‍රිය වෙන්නේ ගොසිප්වලින්ලු?

ගොසිප් ගැන මොනවත් හිතන්න ඕනෑ නැහැ කියලයි මම හිතන්නේ.

අරුණිටත් ගොසිප් කතා හැදිලා තියෙනවාද?

මම දැනුවත්ව නම් නැහැ.

සමහර නිළියෝ ගොසිප්වලින් ජනප්‍රිය වන්න හදනවා නේද?

ගොසිප්වලින් ජනප්‍රිය වීම හරි තාවකාලිකයි. අද අලුත් ගොසිප් එකක්‌ ආවහම ඊට අදාළ චරිතය ගැන අද කතාවෙනවා. හෙට තවත් කෙනෙක්‌ ගැන ගොසිප් කතාවක්‌ ආවහම ඒ ගැන ඊළඟට කතාවෙනවා.

ඔබත් ගොසිප්වලින් පරිස්‌සම් වෙන්නද වැඩකරන්නේ?

විශේෂයෙන් පරිස්‌සම්වෙන්න කියලා වැඩකරන්නේ නැහැ. මම සාමාන්‍ය විදිහට වැඩකරන්නේ. අනික මට ගොසිප්වලින් ජනප්‍රිය වෙන්න වුවමනාවක්‌ නැහැ.

සිනමාවට ආරාධනා ලැබුණා කියලත් ආරංචියි?

දැනට චිත්‍රපට දෙකකට රංගනයෙන් දායක වුණා. ඒවා කොයි කාලයේ තිරගත වෙයිද කියන්න දන්නේ නැහැ.

ක්‍ෂේත්‍රයේ ළඟම හිටපු යාළුවන්ගෙන් කැපිලි කෙටිලි ඇවිත් නැතිද?

මට කවුරුත් විශේෂ යාළුවෝ නැහැ. හැබැයි මම කා එක්‌කවත් තරහත් නැහැ. මම දැනුවත්ව එහෙම දේවල් වෙලත් නැහැ. නැති තැන වෙන දේවල් ගැන මම හොයන්නෙත් නැහැ.

පෙම්වතියක්‌ලු නේද?

ඔව්. මම පෙම්වතියක්‌.

ඔහු රඟපාන්න එපා කියන්නේ නැතිද?

ඔහුගේ කිසිම විරුදAධත්වයක්‌ නැහැ.

තවම විවාහය ගැන හිතන්නේ නැතිද?

දැනට පෙම්වතියක්‌. තවම විවාහය ගැන සැලසුමක්‌ නැහැ.

පෙම්වතියක්‌ කිව්වහම ලැබෙන ජනප්‍රියත්වය අඩුවෙන්න බැරිකමක්‌ නැහැ නේද?

අපි කරන දේවල් කියන්න බයවෙන්න වුවමනා නැහැ.



(දිවයින පුවත්පත ඇසුරෙනි)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment