බලාගාරයේ තත්ත්වය සොයන්න ඇමති නොරොච්චෝලේ යයි

අක්‍රීයව පවතින නොරොච්චෝලේ විදුලි බලාගාරයේ  දැනට පවතින තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අද(15) එහි සංචාරයක නිරත වී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ මාධ්‍ය කණ්ඩායමක් මෙම සංචාරයට එක්ව සිටියි.

බියගම විදුලි ලැබුම්පොළෙහි ට්‍රාන්ස්ෆෝමරයක සිදුවු පිපිරීමක් සමඟ ඇති වු අසමතුලිතතාවක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය සම්පූර්ණයෙන්ම අක්‍රීයවී තිබේ.

මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් අහිමිව ඇති බව සඳහන්ය.

බලාගාරය යථා තත්ත්වයට පත්කිරීම සඳහා දින තුනක් හතරක් අතර  කාලයක් ගත වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ හේතුවෙන් එම කාලය තුළ වරින් වර විදුලිය විසන්ධි වීම් සිදුවිය හැකි බව ද  අමාත්‍යාංශය සඳහන් කර ඇත.

මේ අතර මාතර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ මෙම විදුලිය විසන්ධි වීම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි.

දේශපාලන වාසි ලබාගැනීමට ජනතාව මෙලෙස පීඩාවට පත් කිරීම අනුමත කළ නොහැකි බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා කියා සිටියි.

(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment