ඊයේ කයිට්ස් අධිකරණයේදී ඔහු මේබව ප්‍රකාශකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.
විද්‍යා සිසුවිය ඝාතනය සම්බන්ධයෙන් සිදුකල පරීක්ෂණවලදී පසුගිය පෙබරවාරි 29 වනදා මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
ඝාතන සිද්ධියට අදාළව මේවන විට සැකකරුවන් 11 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.
අප වාර්තාකරු සඳහන් කලේ රජයේ සාක්ෂිකරුවකු ලෙස ඉදිරිපත් වීමට සුදානම් සැකකරු විද්‍යා දැරිය සමග ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමට ද උත්සාහ කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි.
මෙම පුද්ගලයාගෙන් ප්‍රශ්ණ කිරීමට කයිට්ස් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබෙනවා.
පසුගිය වසරේ මැයි 13 වනදා පුන්කුඩුතිව් ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයකදී සමුහ දුෂණයට ලක්වීමෙන් විද්‍යා දැරිය ජීවිතක්ෂයට පත්වුනා.
මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ කයිට්ස් පොලිසිය විමර්ශණ සිදු කරනවා.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment