වෛද්‍යවරයාගේ ජීප් රිය මරුකැඳවයි - හෘදයාබාදයක් වෛද්‍යවරයා රෝහලට කැඳවයි

වෛද්‍යවරයෙකු පැදවූ ජීප් රථයක ගැටීමෙන් තුවාල ලැබූ  අයෙකු හලාවත මහා රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව මිය ගොස් ති‍බේ.

මිය ගොස් ඇත්තේ මුගුණුවටවන - කොක්කාවිල පදිංචිකරුවෙකු වන තොටගම වද්දලාගේ ඉන්දික සමන් කුමාර (අවු:34) නම් අයෙකි.

ඊයේ(13)පෙරවරු 10.30 ට පමණ හලාවත- කුරුණෑගල මාර්ගයේ මුගුණුවටවන ප්‍රදේශයේදී අනතුර සිදුවී ඇත.

අනතුරින් තුවාල ලබා සිටි අයව එම අවස්ථාවේදීම හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

කොළඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ සවස මිය ගොස් ඇත.

අනතුරට සම්බන්ධ ජීප් රථය පදවා ඇත්තේ හලාවත මහා රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු විසිනි.

බස් රථයකින් බැස ඇති මිය ගොස් ඇති අය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහ කිරීමේදී අනතුරට මුහුණ පා ඇති  බව පොලීසිය කියයි.

 අනතුරට සම්බන්ධ ජීප් රථය පැදවූ වෛද්‍යවරයාද හෘදයාබාධයක් වැළදීමෙන් ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි. 

(under the courtesy of adaderana news web)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment