වැලිකඩ ජංගම දුරකථන භාවිතයට ආරක්ෂිත ක්‍රමවේදයක්



වැලිකඩ බන්ධනාගාරය ආශ්‍රිත කලාපයේ ජංගම දුරකථන භාවිතා කිරිමේදී නව ආරක්ෂිත ක්‍රමවේදයක් හදුන්වාදීමට තීරණය වී තිබේ.

බන්ධනාගාරය තුළ සිටින ඇතැම් රැදවියන් ජංගම දුරකථන භාවිතයෙන් විවිධ අපරාධ සිදු කිරීමට උත්සහ දැරීම හේතුවෙන් මෙම පියවර ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය කාලය තුළ සිදුවු ඇතැම් මනුෂ්‍ය ඝාතන, පුද්ගල පැහැරගැනිම් සහ මංකොල්ලකෑම් වැනි දරුණු ගණයේ අපරාධ බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් විසින් මෙහෙයවා සිදු කළ ඒවා බවට තොරතුරු අනාවරණය වි තිබුණි.

ඒ අනුව බන්ධනාගාරය තුළ සිදු කළ විවිධ සෝදිසි කිරිම්වලදි ජංගම දුරකථන රැසක් සොයා ගැනිමට හැකියාව ලැබුණි.

කෙසේ වෙතත් ඉන් අනතුරුවත් සිදුවන ඇතුම් සිද්ධින් බන්ධනාගාර රැඳවියන් විසින් සිදු කරන ඒවා බවට තොරතුරු අනවාරණය වි ඇති අතර  නීතිවිරෝධි ජංගම දුරකතන භාවිතය මීට හේතුවක් වී තිබේ.

කෙසේ වෙතත් මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් බන්ධනාගාරය ආශ්‍රිත කලාපයේ දුරකථන අවහිරතා ඇති කිරීමට විදුලි සංදේශය නියාමන කොමිෂන් සභාව පියවර ගනු ලැබිණි.

එහෙත් එය සාර්ථකව ක්‍රියාත්මක නොවිම හේතුවෙන් වෙනත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරිමට එම කොමිෂන් සභාවේ අවධානය යොමුවී තිබේ.

මේ සම්බන්ධයෙන් පසුගියදා බන්ධානාගාර දෙපාර්තමේන්තු නිළධාරින් සහ විදුලි සංන්දේශන නියාමන කොමිෂන් සභාවේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව සඳහන්ය.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment