මන්ත්‍රීලා මහජන මුදල් ගැරිල්ලක් අරඹයි..! පාර්ලිමේන්තුව දෙවනත් කරන බලවේගත් ගලේ පැහැරූ බළලුන් සේ නිහඬයි

පසුගිය මහ මැතිවරණය ජයගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වුණ මන්ත්‍රීවරුන් සියලු දෙනාට ඇ.ඩො.62,500 ක වටිනාකමින් යතු තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදී ඇත. එම වාහන බලපත්‍ර මේ වනවිට රුපියල් ලක්ෂ 180 සිට රු.ලක්ෂ 200 දක්වා වූ මිල ගණන්වලට අලෙවි වන බව‍ දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

පසුගිය සතියේ සිට මෙම වාහන පර්මිට් ලබාදීම අරඹා ඇති අතර, මේ වනවිට සියලු මන්ත්‍රීවරුන් පාහේ වාහන පර්මිට් ලබාගෙන ඇති බවද වාර්තා වනවා.

මෙමගින් වාහන මිලට ගැනීමේදී එකතු කළ අගය මත බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද සහ වරාය හා ගුවන්තොටුපළ ගාස්තු පමණක් ගෙවිය යුතු වෙනවා. අදාල තීරුබදු සහන බලපත්‍රය යොදාගෙන ඕනෑම මාදිලියක වාහනයක් ආනයනය කිරීමේ හැකියාව පවතින අතර, එය ඕනෑම අයෙකුට පැවරීමේ හැකියාවද පවතී.

ගෙන්වන වාහනයේ එන්ජින් ධාරිතාවයේද සීමාවක් නොමැති බව වාර්තාවන අතර එය ඩීසල් හෝ පෙට්‍රල් මාදිලියේ ඕනෑම වාහනයක් සඳහා වලංගු වේ.
මෙම බලපත්‍රය යොදාගෙන වැඩි වශයෙන් අධි සුඛෝපභෝගී විශාල ඩීසල් වාහන ගෙන්වීමේ ප්‍රවණතාවක් පවතී. ඇතැම් අවස්ථාවල මෙම වාහන පර්මිට් රු.ලක්ෂ 225 දක්වා වූ මිල ගණන්වලටද විකිණෙන බවද වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු බලවේගද නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටිනා බවයි වාර්තා වන්නේ.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment