පොලීසියේ ලොකු පුටු මාරු

පොලීසියේ ලොකු පුටු මාරුපොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

සේවයේ අවශ්‍යතා මත පොලිස්පතිවරයා විසින් මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව සඳහන්ය.

ඒ අනුව යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එෆ්.යු.කේ. වෝල්ටර් මහතා පොලිස් මූලස්ථානයට මාරු කර යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඩි.ඩි.බි.වීරසිංහ මහතා යාපනය කොට්ඨාශයේ සිට යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලෙස මාරුකර යවා තිබේ.

වංචා විමර්ශන ඒකකයේ කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඩි.එන්.කුලතුංග මහතා මොරවැව ස්ථානාධිපතිවරයා ලෙස අනුයුක්ත කර ඇති අතර, වීරගුල ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරික්ෂක යු.එච්.සිරිපාල මහතා තංගල්ල කොට්ඨාශයට මාරු කර ඇති බව සඳහන්ය.

කලවාන ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක ඒ.එම්.පි.අබේසිංහ මහතා නුවරඑළිය කොට්ඨාශයට මාරුකර යවා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment