ආණ්ඩුකාරවරිය අවසන් ගමන් යයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළ සුරංගනී එල්ලාවල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ආණ්ඩුකාරිවරිය අද අළුයම අභාවප්‍රාප්ත වූ බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සඳහන් කළේය.

වර්ෂ 1939 අගෝස්තු මස 14 වන දින උපත ලද සුරංගනී එල්ලාවල මහත්මිය මියයන විට 77 වන වියේ පසුවිය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද එල්ලාවල මහතාගේ බිරිඳ වන සුරංගනී එල්ලාවල මහත්මිය ද කළත් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ.

වත්මන් රජය බලයට පත්විමෙන් අනතුරුව 2015 වසරේ ජනවාරි මස 27 වනදා එතුමිය මධ්‍යම පපළාත් ආණ්ඩුකාර ධුරයට පත් කෙරුණි.

දැනට සති එක හමාරකට පමණ හදිසියේ රෝගාතුර වූ සුරංගනී එල්ලාවල මහත්මිය මහනුවර මහ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියාය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment