බංග්ලාදේශ මහ බැංකුවේ මූල්‍ය වංචාවට ශී‍්‍ර ලංකාවත් ගෑවෙයි

බංග්ලාදේශ මහ බැංකුවේ මුදල් වංචා කිරීමේ සිද්ධියකට ශී‍්‍ර ලංකාව කේන්‍ද්‍ර කරගෙන කි‍්‍රයාත්මක බව පැවසෙන රාජ්‍ය නොවන සංවිධානයක් සම්බන්ධ වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙලෙස මුදල් වංචා කර ඇත්තේ අන්තර්ජාල බැංකු සේවා මගින් බවයි මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ. 

ඒ අනුව මෙම වංචාවට සම්බන්ධ කණ්ඩායම බංග්ලාදේශ මහ බැංකුවෙන් ලබාගෙන ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 101 ක්. ඉන් මිලියන 20 ක් ශී‍්‍ර ලංකාව කේන්‍ද්‍ර කරගෙන කි‍්‍රයාත්මක බව පැවසෙන අදාළ රාජ්‍ය නොවන සංවිධානයේ ගිණුමකට බැරකර තිබෙනවා.

එහෙත් අදාළ මුදල අන්තර්ජාලය ඔස්සේ වෙනත් ගිණුමකට මාරු කිරීමට උත්සාහ දැරීමේදී එය අසාර්ථක වී ඇති බවටයි වාර්තා වන්නේ. ඒ, අදාළ ගිණුමේ නම වැරදි ලෙස සටහන් කිරීම හේතුවෙන්. මෙම වංචාව පිළිබද තොරතුරු පළමුවරට අනාවරණ වී ඇත්තේ මීට දින දෙකකට පෙරයි. ඒ අනුව ශී‍්‍ර ලංකා මහ බැංකුවද දැනටමත් ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment