මන්ත්‍රී දීමනා ඉහළ නැංවීම ගැන අවසන් නිඟමනයක් නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා ඉහළ නැංවීමට අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවසන් නිඟමනයකට එළඹ නොමැති බව කථානායක කාර්යාලය පවසයි.
මන්ත්‍රී දීමනා ඉහළ නැංවීම ගැන අවසන් නිඟමනයක් නෑ
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පෙන්වා දෙන්නේ සියලු පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නියෝජිතයින්ගෙන් සමන්විත ගෘහ කාරක සභාව විසින් මන්ත්‍රීවරුන්ගේ දීමනා ඉහළ නැංවීම පිළිබඳ යෝජනා කිහිපයක් සම්මත කර ගත් බවයි.

දකුණු ආසියානු කලාපයේ අනෙක් රටවල ව්‍යවස්ථාදායකයන්හි නියෝජිතයින්ට සාපේක්ෂව ශ්‍රි ලංකාවේ වැටුප් හා දීමනා පහත අගයක පැවතීම මෙවැනි තීරණයක් ගැනීමට හේතු වී තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීම් සහ කාර්යයභාරය පුළුල්වීම, ආංශික කාරක සභා සඳහා පාර්ලිමේන්තු දිනවලට අමතරව මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය අත්‍යාවශ්‍ය වීම වැනි කරුණු ද ඊට බලපා ඇති බව එම නිවේදනයේ දැක්වෙයි.

මන්ත්‍රීවරුන්ට වයිෆයි සහ අන්තර්ජාල පහසුකම් සඳහා  අමතර රුපියල් 10,000 ක් ලබාදීම, කාර්යාලයක් සඳහා රුපියල් 75,000ක් ලබාදීම, පාර්ලිමේන්තුව නොපැවැත්වෙන දිනවල රැස්වීම් සඳහා රුපියල් 4000ක් ද ව්‍යවස්ථාදායක සභා රැස්වීමක් සඳහා රුපියල් 2500ක් ද ලබාදීමට යෝජනා වී තිබුණි
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment