නිශාන්ත රණතුංගට අද ඇප නෑ

නිශාන්ත රණතුංගට අද ඇප නෑ2016-03-14 02:12:00
දැනට රිමාන්ඩ් බාරයේ පසුවන සී.එස්.එන් නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ නිශාන්ත රණතුංග මහතා විසින් ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම හෙට දිනයේ යළි විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

අදාළ පෙත්සම අද(13)විභාගයට ගත් අතර එහි වැඩිදුර විමසීම් හෙට දිනයේ සිදුකරන බව මහාධිකරණයේ තීරණය වු බව අදදෙරණ වාර්තාකරු පවසයි.

මේ අතර මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝණය කළ බවට චෝදනා ලැබ නිශාන්ත රණතුංග මහතා සමග අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද ඇප නියම විය.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment