මහින්ද යාපා වංචා සෙ‍වීමේ කොමිසමට යයි


හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා බරපතළ වංචා සෙ‍වීමේ දුෂණ විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණ  තිබේ.

අද(14) පෙරවරුවේ සිට මේ වන විටත් හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කෙරෙන බව වාර්තා වෙයි.

මහින්ද යාපා අබේවර්ධන හිටපු අමාත්‍යවරයා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත කැඳවු පළමු අවස්ථාව මෙය වෙයි.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment