හම ගැසූ පසු උකුස්සෙකු වූ මුහුදු රාජාලියා මෙන්න


මේ වන විටත් සමාජයේ වඩාත් කතාබහට ලක්වෙමින් පවතින උකුස්සෙකු හම ගසා මරණයට පත් කිරීම සම්බන්ධයෙන් වූ සිද්ධියේ හම ගසන්නට පෙර අදාළ සත්ත්වයාගේ ඡායාරූප අන්තර්ජාලයට පිටවීමත් සමග මෙම සත්ත්වයාගේ අනන්‍යතාව නිවරැදිව හඳුනාගන්නට හැකි වී තිබෙනවා.

ඒ අනුව වඳවීගෙන යන දුර්ලභ ගණයේ සත්ත්වයකු වන මුහුදු රාජාලියකු ලෙසයි මෙම සත්ත්වයා සැළකෙන්නේ.

මුහුදු රාජාලියාව fish eagle, sea hawk, river hawk, fish hawk ආදී නම්වලින්ද හඳුන්වනු ලබනවා. දවස මුළුල්ලේම මසුන් දඩයම් කරමින් ආහාරයට ගන්නා සත්ත්වයෙකු වන  මුහුදු රාජාලියා හොඳින් වැඩුණු විට එක් අත්තටුවක් සෙන්ටිමීටර් 60 ක පමණ දිගකින් යුක්ත වනවා.

ඒ අනුව මෙම සත්ත්වයාගේ සම්පූර්ණ දිග සෙන්ටිමීටර් 180 ක් ලෙසත් සඳහන් වනවා. බර කිලෝග්‍රෑම් 0.9–2.1 ආදී පරාසයන්ගෙන් යුක්ත වන අතර මොවුන්ගේ උප කුලයන් ද විවිධ බර පරාසයන්ගෙන් යුක්ත වනවා. හිස සහ ගෙල ප්‍රදේශය සුදු සහ අළු වර්ණයන්ගෙන් සමන්විත වනවා. ජලාශ ආශ්‍රිතව ජීවත් වන සත්වයෙකු වන මුහුදු රාජාලියා ඇන්ටාක්ටිකාව සහ දකුණු අමෙරිකාව හැර බොහෝ මහද්වීපයන් තුළදී දැකගත හැකි බවත් පැවසෙනවා.

නිතර දඩයම් ස්වභාවයකින් පසුවන මුහුදු රාජාලියා වැඩිපුර මසුන් ආහාරයට ගත්තත් ඉන්ද්‍රීය ගෝචරවන ගොඩබිමෙහි වෙසෙන සතුන් හඹාගොස් දඩයම් කිරීමටද කටයුතු කරනවා. ජලය ආසන්න ප්‍රදේශවල කැදළි තැනීමද දක්නට ලැබෙනවා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment