ජාත්‍යන්තර රටවල අවශ්‍යතා අනුව වත්මන් රජය ක්‍රියාකරනවා

ජාත්‍යන්තර රටවල්වල අවශ්‍යතා අනුව වත්මන් රජය ක්‍රියාකරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රට මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට ද මුහුණ දී සිටින බවයි.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

කෙසේවෙතත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ වර්තමාන ආර්ථික අර්බුදයට හේතුව පසුගිය රජයේ ක්‍රියාකලාපය බවයි.

වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති පමණක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment