ජේලර්ලාට වැඩ වරදී - වැලිකඩ බල්ලන්ට බාර දෙන ලකුණු



බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙනඒම වැළැක්වීම සඳහා ඇල්ශේෂන්, ජර්මන්ෂෙපර්ඩ්, ලැබ්බ්‍රඩෝ වැනි මෙරට සිටින සුනඛයන් 05 දෙනකු මිලදී ගැනීමට  බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීමේ සහ හින්දු කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

එතෙක් මත්ද්‍රව්‍ය ඉව ඇල්ලීමට පොලිසිය විසින් පුහුණු කරන ලද සුනඛයන් යොදවන බවයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීමේ සහ හින්දු කටයුතු අමාත්‍ය  ඩී.එම්. ස්වාමිනාදන් මහතා පවසන්නේ.

මේ අතර බන්ධනාගාරගතව සිටිමින් පාතාල කල්ලි මෙහෙයවන හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අපරාධකරුවන්ට සහාය දෙන බන්ධනාගාර නිලධාරීන්
ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා තීරණය කර තිබෙනවා.

බන්ධනාගාරවල මරණ දඬුවම් නියමිතව සිටින ඇතැම් සිරකරුවන් විසින් මෙහෙයවන පාතාල කල්ලි පිළිබඳව බන්ධනාගාර බුද්ධි අංශ විසින් තොරතුරු හෙළිකරගෙන ඇති අතර එවැනි කල්ලිවලට සහාය දෙන බන්ධනාගාර නිලධාරීන්ට විරුද්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment