විදුලිබල මණ්ඩලයේ සභාපති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

විදුලිබල මණ්ඩලයේ සභාපති  සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයිශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

පසුගිය මාස 06 තුළ අවස්ථා තුනකදී විදුලිය බිඳ වැටීමේ සිදුවීම් වාර්තා වීම කණගාටුවට කරුණක් බවත් එය ලැජ්ජා සහගත තත්ත්වයක් බවත්  අනුර විජේපාල මහතා පවසයි.

 අදාළ විදුලිය බිද වැටීම්වල වගකීම භාර ගනිමින් විදුලිය ලබාදීම සම්පූර්ණ කළ පසුව තමා ධුරයෙන් ඉල්ලා අස්වීම ලිඛිතව භාරදීමට කටයුතු කරන බව අනුර විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර දිවයිනපුරා සිදුවූ විදුලිය බිද වැටීම යථා තත්ත්වයට පත්කරමින් සිටින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල  මේ වන විට විදුලිය යථා තත්ත්වයට පත්කිරීමට හැකියාව ලැබී ඇති බවයි.

 අද(13) පෙරවරු 2.30ට පමණ දිවයිනපුරා හදිසි විදුලිය බිදවැටීමක් සිදුවුණි.

 මෙයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

 විදුලිය බිඳවැටීමත් සමඟ නොරොච්චෝලේ බලාගාරයේ විදුලි සැපයුම ද සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබේ.

කඩිනමින් විදුලිබලය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා සඳහන් කළේය.
 මේ අතර විදුලිය බිද වැටීමත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට ද බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ අඹතලේ සහ කන්දන ජල පවිත්‍රාගාර වල ජල සැපයුමට බාධා එල්ල වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment