කොළඹ මාර්ග අවහිර කරමින් විරෝධතාවයක නිරත වෙනවා

 කොළඹ මාර්ග අවහිර කරමින් විරෝධතාවයක නිරත වෙනවාගොවි ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබානොදුනහොත් ඉදිරියේ දී කොළඹට ඇතුළුවන සියලු මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.  

එහි සභාපති කේ.ඩි.ලාල්කාන්ත මහතා සඳහන් කළේ වී ගොවීන්ගේ ගැටලුවලට මෙතෙක් විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බවයි.

පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලයට ගොවීන් පැමිණ සිදුකළ ඉල්ලීම්වලට ප්‍රතිචාර ලැබී නොමැති බව ඔහු පවසයි.

කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් කේ.ඩි.ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment