කොල්ලුපිටියේ රේල් පාරේ සෙල්ෆි ගසද්දී සිංගප්පූරුවේ සිට ආ අයියා සමග මල්ලී දුම්රියට බිලි


කොල්ලුපිටියේ රේල් පාරේ සෙල්ෆි ගසද්දී
සිංගප්පූරුවේ සිට ආ අයියා
සමග මල්ලී දුම්රියට බිලි

ඊයේ කොල්ලුපිටිය ප්‍රදේශයේ රේල් පාරකදී සෙල්ෆි ඡායාරූපයක් ලබාගන්නට ගිය එකම පවුලේ අයියා මලෝ දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස දුම්රියට බිලි වුණා. මුහුද පසුබිමින් සිටින ලෙස මේ දෙදෙනා සෙල්ෆි ඡායාරූප ලබාගන්නට උත්සාහ කර තිබුණ අතර 25 හැවිරිදි අයියා අතේ කැමරා ෆෝනය තිබුණ බවත් 12 හැවිරිදි මල්ලී ඔහු අසළ සිටි බවත් කියැවුණා. මෙම මරණ සිදුව ඇත්තේ ඔවුනගේ පවුලේ අනෙක් උදවියද ඔවුන් දෙස බලා සිටි
අවස්ථාවකය.
මුහුදේ ශබ්දය නිසාදො දුම්රියේ හඬ හෝ කෑගැසූවන්ගේ හඬවල් ඔවුනට ඇසී නැත.
මියගිය අයියා සිංගප්පූරුවේ රැකියාව කරන අනුරාධපුර පදිංචි කරුවෙකි. ඔහු නිවාඩුවකට ලංකාවට පැමිණ ඇත්තේද ඊයේය. කටුනායක ගුවන් තොටට ආ ඔහු කැටුව යන්නට පවුලේ අය වෑන් රථයකින් පැමිණ තිබෙන අතර පසුව ඔහු සමග කොළඹ අවට සවාරියක්ද ගොස් තිබේ. ගාලු මුවදොර මුහුදු රළ පාගමින් ටික වේලාවක් ගත කර පසුව කොල්ලුපිටිය දුම්රිය ස්ථානය පැත්තට ඔවුන් ගමන් කර තිබේ. මෙම අවාසනාවන්ත අනතුර සිදුවූයේ ඉන් පසුය. සිද්ධියෙන් මියගියේ අනුරාධපුර විජයපුර පදිංචි තීක්ෂණ ලක්ෂාන් රණවීර (12) මල්ලී සහ සෂී රණවීර (25) අයියාය.
දුම්රිය ළඟට එන ආකාරය තමන් දුටු බවත් කෑගැසූවත් එම දෙදෙනාට ඇසුනේ නැති බවත් පවුලේ අය සාක්ෂි ලබාදී ඇත. 12 හැවිරිදි මල්ලී කොළඹ දැකගන්නට ආසාවෙන් පසුවූ අයෙකු බවත් ඒ නිසාම අය්යා ඔහු සතුටු කරන්නට කොළඹ පුරා විවිධ ස්ථානවලට ගෙනයමින් සෙල්ෆි ලබාගත් බවත් වාර්තා විය. කෙසේ වෙතත් ගුවන් ගමන යෙදී ඇතිවූ වෙහෙස සමග කලබලෙන් සිටි අයියාට එම අවස්ථාවේ කල්පණාව නැතිව දුම්රියට බිලිවන්නට ඇතැයිද පවුලේ අය ප්‍රකාශ කර තිබේ.
කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment