කොච්චිකඩේ පොසොන් පෙරහැරේ ඇතින්නගේ පහරින් හිමිනමක අපවත්වේ

කොච්චිකඩේ, පොසොන් පෙරහැරේ ගමන් කළ ඇතින්නක කුලප්පු වී කරන ලද පහරදීමකින් කටාන ප්‍රදේශයේ විහාරස්ථානයක
හිමිනමක් අපවත්වී ඇත.
කොච්චිකඩේ, කටාන ප්‍රදේශයේ විහාරස්ථානයක් වාර්ෂිකව පවත්වනු ලබන මිහිඳු මහ පෙරහැර ඊයේ(11) රාත්‍රී වීදි සංචාරය කළ අතර එහිදි කුලප්පු වූ අලියෙක් පහරදීමෙන් බරපතල ලෙස තුවාල ලැබු 25 හැවිරිදි හිමිනම වහා මීගමුව රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එහිදි උන් වහන්සේ අපවත්වූහ.
මෙලෙස අපවත් වී ඇත්තේ කටාන ශ්‍රී වර්ධණාරාමය විහාරස්ථානාය් වැඩ වසන කුලසැන්දෑවේ රාහුල හිමියන් ය. උන්වහන්සේ කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරී හිමිනමක් වන අතර අනුරාධපුර එප්පාවල මූලික පිරිවෙනේ ගුරුවරයෙකු ලෙසද කටයුතු කරමින් සිට ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ දී උන්වහන්සේ බේරා ගැනීමට කටයුතු කළ ඇතින්න භාරව සිටි පුද්ගලයා හා තවත් පුද්ගලයින් පිරිසකගෙන් සිද්ධිය පිළිබඳ ප්‍රකාශ ලබා ගෙන තිබේ. වැඩිදුර විමර්ශන කොච්චිකඩේ පොලිසිය විසින් සිදු කරනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment