කොළඹ මංතීරු නීතිය අද සිට යළි තදින්

කොළඹ හා කොළඹට පිවිසෙන
මාර්ගවල
මංතීරු නීතිය අද (12) සඳුදා සිට තදින් ක්‍රියාත්මක කරන බව රථවාහන පොලිසිය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා දන්වා තිබේ.
හයිලෙවල් පාර, හැව්ලොක් පාර, ගාලු පාර,කාසල් වීදිය,රාජගිරිය,ආයුර්වේද වටරවුම,සේනානායක හන්දිය, බේස් ලයින් පාර,පංචිකාවත්ත පාර, සංඝරාජ මාවත ඇතුළු මහාමාර්ග කිහිපයක දැඩි අවධානය යොමු කර මංතීරු නීතියට පටහැණි වාහන නීතියේ රැහැනට හසුකරන බව පොලිසිය දන්වා ඇත.
මංතීරු නීතිය පිළිබඳ මීට මාස ගණනාවක සිට මුල් අවධියේ දැනුවත්කිරීම් සිදු කර ඇති බැවින් මෙවර එම නීතිය කඩන්නන්ට සමාවක් නොදෙන බවත් දන්වා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment