අගමැති හදන තාප්ප දෙකක් ගැන ජවිපෙන් හෙළිදරව්වක්


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බදු සංශෝධන යෝජනා තුළින් භාණ්ඩ හා සේවා මිල ඉහළ යා හැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ණය සහ ලෝක ආර්ථික තාප්පය සකසමින් සිටින බවයි.

මේ අතර නව සමසමාජ පක්ෂය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි නායක  ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ වත්මන් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් චෝදනා එල්ල කළා.

ඔහු කියා සිටියේ පොහොර ගැටළුව උලූප්පා දක්වමින් ගොවියන් මහ මගට බැස්සවීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බවයි.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment