මහින්ද ගත්ත ණය දකින්න මෙච්චර කල් ගියේ ඇයි?



වත්මන් ආණ්ඩුව බදු පිට බදු ජනතාව මත පටවමින් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

 එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ බදු වැඩි කිරීමට අදාළව ආණ්ඩුව ඉදිරිපත් කරන තර්ක පිළිගත නොහැකි බවයි. ඔහු මෙම අදහස් පළ කළේ බණ්ඩාරවෙල ප‍්‍රදේශයේදී ජනතාව අමතමින්.

එහිදී හෙතෙම සඳහන් කළේ " රනිල් වික්‍රමසිංහ මහත්තයලා ඡන්දෙ ඉල්ලුවෙ රට හදන්නම් සහන දෙන්නම් කියාගෙන. දැන් බලය ගත්තට පස්සෙ කියනවා සහන දෙන්න බැහැ...අර්බුධ ගොඩයි.. මහින්ද ණය ගොඩක් අරං..කොටසක් පේන්න තියෙනවා. කොටසක් හංගලා තියෙනවයි කියලා. දැන්ද දන්නෙ ඒක. ඒ කාලෙ දැක්කෙ නැද්ද." යනුවෙනි.

ඉන්දියාව සමග අත්සන් කිරිමට නියමිත ගිවිසුම සම්බන්ධයෙන්ද ටිල්වින් සිල්වා මහතා එහිදී අදහස් පළ කළා. සීපා වුවත් එට්කා වුවත් එහි කිසිදු වෙනසක් නොමැති බවයි ඔහු කියාසිටියේ.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment