පොලිස් නිලධාරීන් පිරිසකගේ පහරකෑමට ලක්වූ බව කියන පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා බගවන්තලාව රෝහලට ඇතුළත්ව තිබේ.
බගවන්තලාව වත්තේ පහළ කොටසේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස රෝහල්ගතව ඇති බව සඳහන්ය.
නාවල කොස්වත්ත ප්‍රදේශයේ නිවසක කම්කරුවෙකු ලෙස සේවය කර ඇති අදාළ පුද්ගලයා පසුගිය දෙසැම්බර් මාසයේ දී යළි සිය නිවසට පැමිණ ඇති අතර එලෙස පැමිණි අවස්ථාවේ වැටුපට අමතරව රුපියල් 15000ක මුදලක් නිවෙස් හිමියාගෙන් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් යළි සේවයට නොපැමිණීම හේතුවෙන් නිවෙස් හිමියා විසින් මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති බව සඳහන්ය.
ඒ අනුව පසුගිය 8 වන දින වැලිකඩ පොලීසියේ පෙනී සිටින ලෙස කරන ලද දැනුම්දීමකට අනුව සිය මිතුරෙකු සමඟ එම පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරීන් පිරිසක් තමාට පහරදුන් බව අදාළ පුද්ගලයා පවසයි.
රුපියල් ලක්ෂ දෙකක මුදලක් සොරකම් කළ බවට පිළිගන්නා ලෙස පවසමින් දින දෙකක් පොලීසියේ රඳවාගෙන තමාට පහරදුන් බව ඔහු පවසා ඇත.
මේ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා විසින් බගවන්තලාව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද සිදුකර තිබේ.
මේ පිළිබඳ අද දෙරණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් විමර්ශනයක් සිදුකරන බවයි.
0 comments :
Post a Comment