ඊයේ 12 වැනිදා රාත්‍රී 11.45 ට පමණ නවගත්තේගම - ගල්ගමුව මාර්ගයේ 17 කණුව මංසන්ධියේදී මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ නවගත්තේගම - කිරිමැටියාව පදිංචිව සිටි ලංසක්කාර ජයසුන්දර මුදියන්සේලගේ ශානි ධනංජන බණ්ඩාර නම් අයෙකි.
මිය ගොස් ඇති අය ගමන් කරමින් සිටි මෝටර් රථය මාර්ගයේ පෙරළි ගොස් විදුලි පහන් කණුවක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.
අනතුරින් තුවාල ලැබූවන් නවගත්තේගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට මාරු කර ඇත.
පුත්තලම මූලික රෝහලේදී ඔහු මිය ගොස් ඇත.
නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
0 comments :
Post a Comment