පුත්තලමේ ඉස්සන්ට නරක කල දසාවක්

* කඩොලාන පරිසරයටත් හානි

* වගාවෙන් පාඩු පිට පාඩු

පුත්තලම දිසාවේ කළපු ආශ්‍රීත කඩොලාන පරිසරය ට අහිත කර බලපෑම් ඇති කරමින් ආරම්භ කළ පොකුණු ඉස්සන් වගාව මේ වන විට පාඩු ගෙන දෙන ව්‍යාපාරයක් බවට පත්වීම නිසා තමන් ප්‍රශ්න ගණනාවකට මුහුණ දි සිටින බව එම වගා කටයුතු වල නිරත ඉස්සන් පොකුණු හිමියෝ පෙන්වා දෙති.

පසුගිය කාලයේ එම කලාපයේ හෙක්ටෙයාර් 2000 කට ආසන්න භුමි ප්‍රමාණයක් පුරා මෙම ඉස්සන් වගා පොකුණු පවත්වා ගෙන ගියද මේ වන විට එම ප්‍රමාණය පහළ යමින් පවතින බවත් කියති.

විශාල පිරිසක් වාණිජ බැංකු වලට අධික පොලි ගෙවමින් වගා කටයුතු ආරම්භ කරනු ලැබු නමුත් විදේවෛළද පළෙහි ඉස්සන් මිල දිනෙන් දින පහ ත යන නිසා මෙම වගා කටයුතු වල නිරතවිම අඩපණ වීඇත.

පසුගිය කාලයේ දි ග්‍රෑම් 25 කින් යුතු ඉස්සන් කිලෝවක් සදහා රුපියල් 1100 ක මුදලක් විදේශ වලින් ලබා ගත හැකි වුවත් මේවන විට එම මුදල රුපියල් 600ට පහත බැස ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

දිනෙන් දින ඉස්සන් මිල පහත යන නිසා සමහර ගොවියන් ග්‍රැම් 25ට අඩු ප්‍රමාණයේ ඉස්සන් නෙළා ගෙන එම ඉස්සන් දේශීය වෙළෙද පළ වෙත යවන බවත් දේශීය වෙළද පළෙහි ඉස්සන් කිලෝවක් රුපියල් 500ක් හෝ 600 ක් වන බවත් ඒ මගින් එදිනම මුදල් තමන් අතට ලැබෙන නමුත් විදේශ වෙළද පළ වෙත ඉස්සන් යවන ඇතැම් බහු ජාතික සමාගම් දෙක තුනක් ඉස්සනක් හෙට්ටු කිරිමේ ජාවාරමක් ආරම්භ කර ඇති බවත් ඔවුන් විසින් මිල දි ගන්නා ඉස්සන් සඳහා මුදල් ගෙවීම සතියකට වඩා වැඩි කාලයක් ගත වන නිසා තමන් දැඩි අසරණ වන බවත් කියති.

ඉස්සන් මිල පහත. බැස ඇතත් වගාව සඳහා අවශ්‍ය ඉස්සන් ආහාර ඖෂධ වර්ග සහ ඉස්සන් පැටවුන් සහ වෙනත් උපකරණ මිල ඉහළ බවත් පැටවුන් හැර ඒ සියල්ල විදේශවලින් ගෙන්වන අතර එදා ඉස්සන් මගින් රුපියල් කෝටි ගණනින් විදේශ විනිමය රටට ලැබුණත් මේ වන විට එම මුදල වගාව සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍ය ගෙන්විම පිණිස වැය විම නිසා එය රටට ද හානිදායක බවත් කියති .

ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන සන්ධානයේ ප්‍රධාන ලේකම් රවීන්ද්‍ර ජේ හෙට්ටිආරච්චි මහතා-

ඉස්සන් වගාව පුත්තලම දිසාව තුළ ආරම්භ වි මේ වන විට වසර 30කට ආසන්න වනවා. ආණ්ඩුව වගාව ආරක්ෂා කරන්න පිහිටුවා ගත් ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය මෙහිදි අති විශිෂ්ට සේවයක් කරන බව කිව හැකියි.

එදා පුත්තලමට විතරක් සිමා වි තිබු ඉස්සන් වගාව මේ වන විට මුලතිව් සහ මඩකළපුව කේන්ද්‍ර කර ගෙන ද පවත්වා ගෙන යනවා.මොන දේ කළත් අපේ ඉස්සන් නිෂ්පාදනය ගතානුගතිකයි. නවීන තාක්ෂණික උපක්‍රම යොදා ගෙන රසවත් ගුණවත් බරෙන් වැඩි ඉස්සන් වගා කරන්න අපට මේ දක්වාහැකි වී නැහැ.‍ හලාවත මාළු වෙළද පළේ විකිණිමට ඇති ඉස්සන් සහ ඉස්සන් පොකුණක් ඡායාරූපවල දැක්වේ.



(දිනමිණ පුවත්පත ඇසුරෙනි)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment