හොඳ දත් ගලවන භයංකර දත් දොස්තර රෝගීන්ට කරන වැඩ

රෝගීන්ගේ නිරෝගී දත් ගැලවීමේ චෝදනාවට දන්ත වෛද්‍යවරයෙකු අධිකරණයට කැඳවා තිබෙනවා

ගම්බඳ පළාතක දන්ත ශල්‍යාගාරයක් පවත්වාගෙන ගොස් ඇති මෙම වෛද්‍යවරයා රෝගීන් 12 කට වැඩි පිරිසකගේ නිරෝගී දත් ඉවත් කිරීමයි ඔහුට එල්ලවී ඇති චෝදනාව වන්නේ
මේ අරුම පුදුම සිද්ධිය ගැන වාර්තා වන්නේ ප්‍රංශයෙන්

සිතාමතාම රෝගීන්ගේ නිරෝගී දත් ඉවත් කිරීම හා දරුණු තුවාල සිදුකිරීම හා තවත් අපරාධ හෙළිවීමෙන් පසු කැනඩාවට පලාගොස් සිටි මෙම දන්ත වෛද්‍යවරයා මානසික රෝගයකින් පෙලෙන බවයි ඔහුගේ නීතීඥයන් අධිකරණයට දන්වා ඇත්තේ

මෙම දන්ත වෛද්‍ය වරයා “භයංකර දත් දොස්තර“ නමින් විදෙස් මාධ්‍ය හඳුන්වා තිබෙනවා.  රෝගීන් පවසා සිටියේ තමන්ගේ පිරවීමට තිබූ දත් වෛද්‍යවරයා විසින් ඉවත් කර අධික පිරවුම් සිදුකරන බවයි.

තවද මුඛයේ හිරිවැටීම් සිදුකිරීමට ඉතා අධික බලයක් සහිත එන්නත් භාවිත කරමින් හානි සිදුවන විදුරුමස්වලට ප්‍රතිකාර කිරීම ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා

කොහොම වුණත් මෙම දන්ත වෛද්‍යවරයාට ඇති චෝදනා ඔප්පු වුවහොත් අවුරුදු දහයක සිර දඩුවම් නියම වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment