ෆිච් සමඟින් කොළඹ කොටස් පහළ යයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනය (02) අවසානයේ දී ඒකක 34.99 කින් පහළ ගොස් ඒකක 6078.41 ක් ලෙසින් වාර්තා විය. ඊයේ දිනය තුළ දී ඒකක 78.41 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය අතර මාර්තු මාසයේ පළමු දින දෙක තුළ දී මේ වන විට එහි පහළ යාම ඒකක 113.4 ක් ලෙසින් සටහන් වී ඇත.

කෙසේ වෙතත් අද දිනය තුළ දී රුපියල් බිලියනය ඉක්මවූ පිරිවැටමුක් වාර්තා වී තිබිණි. මෙහිදී ප්‍රධාන වශයෙන් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි කොටස් හයලක්ෂයක් රු. 155.00 බැගින් සහ කොටස් 3,949,626 ක් රු. 156.00 බැගින් ගනුදෙනු වීම හරහා රුපියල් මිලියන 709 ක දායකත්වයක් දෛනික පිරිවැටුමට ලබා දී තිබුණි. තවද කොමර්ෂල් බැංකුවේ කොටස් ලක්ෂ 4 ක් රු. 124.00 බැගින් සහ රිචඩ් පීරිස් හි කොටස් මිලියන 20 ක් රු. 7.90 බැගින් දිනය තුළ දී ගිවිසා ගනු ලැබූ ගනුදෙනු ලෙසින් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දීමට සමත්විය. මේ අනුව රුපියල් බිලියන 1.3 ක පිරිවැටුමක් දිනය අවසානයේ දී වාර්තා වී තිබිණි.

දෛනික පිරිවැටුමෙන් රුපියල් මිලියන 418.64 ක් දේශීය මිල දී ගැනීම් හා රු. මිලියන 927.49 ක් විදේශීය මිල දී ගැනීම් ලෙසින් වාර්තා වන අතර දේශීය විකුණුම් රු. මිලියන 533 ක් හා විදේශීය විකුණුම් රු. මිලියන 812.88 ක් ලෙසින් වාර්තා වේ.

සමස්තයක් ලෙසින් ගත් කළ 2016 වසරේ මාර්තු 03 වන දින දක්වා කාලය තුළ 11.84% කින් සියලු කොටස් මිල දර්ශක අගය පහළ ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී කොටස් තැරැව්කරුවෙකු කියා සිටියේ ෆිච් රේටිංග්ස් ණය වර්ගීකරණයේ දී ශ්‍රී ලංකාව පහළ ශ්‍රේණියකට ඇද වැටීම හේතුවෙන් කෙටිකාලීනව කොටස් වෙළෙඳපොළ පහළ යාක් බලාපොරොත්තු විය හැකි බවයි.


(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment