පිරිමින්ට පෙන්නන්න බැරි කාන්තා ඇඳුම් තිබ්බ බෑග් එකක් මහ රෑ ඇරලා බලපු පොලිසියේ අය ගැන සනෝජා සියල්ල හෙළිකරයි



‘‘මම ආයේ බෑග් එක ඇරලා පෙන්නන්නේ නෑ
බෑග් එක ඇරපු වෙලාවේ මම පුදුම අපහසුතාවකට පත්වුණේ  
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණු සනෝජා බිබිලේ මහත්මියගේ වාහනය වැල්ලවත්ත ප්‍රදේශයේදී හදිසියේම නතරකළ පොලිස් නිලධාරීන් 4 දෙනෙකු ඊයේ (7) රාත්‍රී 8.30ට පමණ ඇයගේ වාහනය පරීක්ෂාවට ලක්කිරීම හේතුවෙන් ඇය දැඩි අපහසුතාවයකට ලක්ව තිබෙනවා.

ඇය එම අවස්ථාවේ රූගත කිරීමට ගොස් නැවත පැමිණෙමින් සිට ඇති අතර එහිදී හදිසියේ වාහනය නතර කළ නිලධාරින් පවසා ඇත්තේ එය පරීක්ෂා කළයුතු බවයි. තමන් රංගන ශිල්පිනියක් බව එම අවස්ථාවේදී ඇය ප්‍රකාශ නොකළත් එක් නිලධාරියෙකු පවසා ඇත්තේ වාහනය පරීක්ෂා කිරීමට ඉඩ දෙන ලෙසත් මේ දිනවල සිදුවන සිදුවීම් අනුව පාතාලේ අයෙකුදැයි සැක ඇති බවයි


නමුත් සනෝජා ඉල්ලා ඇත්තේ තමන්ගේ බෑගයේ පෞද්ගලික රෙදි ඇති බවත් ඒ නිසා බෑගය පරීක්ෂා කිරීමට කාන්තා පොලිස් නිලධාරිනියෙකු අවශ්‍ය බවත්ය.  එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අදාල පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ කෙසේ හෝ බෑග් එක විවෘත කර පෙන්වන ලෙසයි. 



බෑගය විවෘත කිරීමට කාන්තා පොලිස් නිලධාරිනියක් අවශ්‍ය බව ඇය කෙතරම් පුනපුනා ප්‍රකාශ කලත් එයට ඉඩ නොදුන් මෙම පිරිමි පොලිස් නිලධාරීන් 4 දෙනාගේ දැඩි ඉල්ලීමට මත ඇය බෑගය විවෘතර කර පෙන්වන්නට කටයුතු කර තිබෙනවා.

පිරිමින් ඉදිරියේ තමන් භාවිතා කළ පෞද්ගලික ඇඳුම් මෙලෙස බෑගය විවෘත කර පෙන්වීම නිසා ඇය එම අවස්ථාවේ දැඩි අපහසුතාවයට පත්වූ බව හිරු ගොසිප් අප හමුවේ පවසා සිටියා. එමෙන්ම මේ පිළිබඳව පොලිසියේ ඉහළ නිලධාරීන් දැනුවත් කරන බවට ඇය අදාල පොලිස් නිලධාරීන්ට පැවසූ බවත් එම අවස්ථාවේ  ‘‘යහපාලනේ ඉන්න ලොක්කට කියාගන්න‘‘ යැයි ඔවුන් පැවසූ බවයි සනෝජා අපහමුවේ වැඩිදුරටත් පවසා සිටියේ
සිද්ධිය වූ ආකාරය ඇය සම්පූර්ණයෙන් විස්තර කළ වීඩියෝව පහතින්..

hiri gossip
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment