සේයා ඝාතකයාට මරණ දඬුවම

ඉකුත් සමයේ දැඩි ආන්දෝලනයකට ලක් වූ කොටදෙණියාව සේයා සදෙව්මි ඝාතනයේ නඩු තීන්දුව මීට නොබෝ වේලාවකට පෙර ප‍්‍රකාශයට පත්කෙරුණා.

ඒ, විත්තිකාර සමන් ජයලත් නමැත්තාට මරණ දඬුවම සහ වසර 60ක සිරදඬුවම් නියම කරමින්. මීට අමතරව රුපියල් හතළිස් පන්දහසක දඩයක් ද ඔහුට නියම කෙරුණා. 

මෙම තීන්දුව ලබාදුන්නේ මීගමුව මහාධිකරණය විසින්. විත්තිකාර සමන් ජයලත් නමැත්තා නගා තිබූ අධි චෝදනා හතරටම වරදකරු බව එහිදී ප‍්‍රකාශ කෙරුණා.

පළමු අධි චෝදනාව වූයේ පැහැරගෙන යාමයි. ස්ත‍්‍රී දූෂණය දෙවන අධි චෝදනාව වනවා. තුන්වන අධි චෝදනාව වූයේ බරපතළ ලිංගික අපයෝජනයයි. මනුෂ්‍ය ඝාතනය 4වන අධි චෝදනාව වුණා.

මේවායින් පළමු හා දෙවන අධි චෝදනාවලට තමන් වරද පිළිගන්නා බවයි සමන් ජයලත් නමැත්තා ප‍්‍රකාශ කළේ.

තුන්වන හා හතරවන අධි චෝදනා ඔහු විසින් ප‍්‍රතික්ෂේප කෙරුණ ද ඒවාට ද ඔහු වරදකරු බව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වූ බව මීගමුව මහාධිකරණය කියා සිටියා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment