හොල්මන් නිසා 'ජනප්‍රිය නිළියක්' පිට්ටුගල රිය අනතුරක



ජනප්‍රිය රංගන ශිල්පිනියක්‌ වන රොහානි වීරසිංහ රූගත කිරීමකට ගිහිං එන අතරතුර දී පිට්‌ටුගලදී අනතුරකට මුහුණ දී තිබෙනවා.

හොල්මන්වලට බියවී වාහනය පැදවීම නිසා මෙලෙස අනතුරට ලක්වූ බවයි රොහානි පුවත්පතක් සමග කළ සාකච්ඡාවක දැක්වෙන්නේ.

එම සාකච්ඡාව පහතින් දැක්වෙනවා.

ඇත්තටම මොකක්‌ද සිදු වුණේ ?

රූගත කිරීම් අවසන් වෙලා මගේ මිතුරියක්‌ වන විනෝජාගේ ගෙදරත් ගිහිං තමයි අපේ ගෙදර යන්න ගියේ. මට ඒ වෙලාවේ නිදිමත ඒවි කියලා හිතුවේ නැහැ. මම ඊට පෙර දිනත් රූගත කිරීම්වලට ගිහිං නිදිවරලා හිටියේ.

එතකොට බත්තරමුල්ලේදී වාහනය නතර කරගෙන හිටියා කියන්නේ ඇත්තද?

ඔව්. මට පොඩි නිදිමතක්‌ ඇවිත් මම බත්තරමුල්ල හරියේ වාහනය නතර කරගෙන හිටියා. ඒ වෙලාවේ මට ලොකු නිදිමතක්‌ තිබුණා. රාත්‍රි එකට විතර හින්දා ඒ වෙලාවේ පාරේ කවුරුත් නැහැ. අනික මම තනියම වාහනයේ ඉන්නේ. ඒ හින්දා මට පුංචි බයක්‌ ඇතිවුණා.

හොල්මන් නිසා බයවෙලා නිදිමත දරාගෙන වාහනය පැදෙව්වාලු නේද?

ඔව්. මට පුංචි බයක්‌ දැනුණා. ගෙදරට තව පොඩි දුරක්‌ හින්දා නිදිමත තියාගෙන මම ආවා.

නින්ද ගිහිං ඇහැරෙනවිට වාහනය කාණුවකට වැටිලා ?

මට ඇහැරෙන විට වාහනය තිබුණේ කාණුවක.

කාණුවේ ඉඳගෙනම වාහනය ආපහු පණගැන්නුවාලු නේද?

ඔව්. ඒ කතාව ඇත්ත. මට නින්ද ගිහිං තිබුණේ. එක පාරටම මට ඇහැරුණා. ආපහු යන්න කියන අදහසින් වාහනය පණගැන්වූවා. මම වාහනය රේස්‌ කරනවා. හැබැයි වාහනය යන්නේ නැහැ. ඒ වෙලාවේ මගේ නළලයි, බෙල්ලයි රිදෙනවා. මම බැලුවා ඇයි මොකක්‌ද මේ වුණේ කියලා. මම නිදිමතේම අසිහියෙන් වගේ වටපිට බැලුවා.

 පාරේ ගිය තරුණයෙක්‌ උදව් කළා. එහෙමනේ ?

ඒ වෙලාවේ පාරේ ගිය තරුණයෙක්‌ කතා කරලා කිව්වා අක්‌කේ වාහනය අනතුරකට ලක්‌වෙලා තියෙන්නේ කියලා. ඊට පස්‌සේ තමයි මම දන්නේ අනතුරක්‌ වෙලා කියලා. වාහනය කාණුවක්‌ ඇතුළට ගිහිං කොන්ක්‍රීට්‌ තට්‌ටුවක්‌ ළඟ හිරවෙලා තිබුණේ.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment