දැන් මට විශේෂ කෙනෙක් ඉන්නවා..

.

ආයෙත් රැවටෙන්න බෑ' කියලා කාටද සුරේන්ද්‍ර මේ කියන්නේ?
එහෙම විශේෂ කෙනෙක්ට නෙවෙයි. මේ මගේ අලුත් ගීතයනේ.
මේ වචන ඇතුළේ සුරේන්ද්‍රගේ පෞද්ගලික අත්දැකීමක් නැහැ කියලද කියන්නේ?
ඒක මගේ පෞද්ගලික අත්දැකීමක් නෙවෙයි. මම හිතන්නේ ලියපු උපයංගගේ අත්දැකීමකුත් නෙවෙයි. ඒත් ඔය වගේ අදහස දෙන ප්‍රශ්න සමාජයේ සිද්ධ වෙනවනේ. ඉතින් මට මේ ගීතය කරන්න දුන්නේ උපයංග ශ්‍රී වික්‍රමසිංහ. ගීතය හොඳයි කියලා හිතුන නිසා ගායනා කළා.


ගීතයට ලැබෙන ප්‍රතිචාර හොඳද?
ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
අලුත් ගීතයක් රසිකයන්ට දෙන්න කල් ගන්නවා වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?
නැහැ. මගේ හඬ කොහොමත් රසිකයන්ට ඇහෙනවා. ගීතයක් රසවිඳින්නත් රසිකයන්ට කල් දෙන්න ඕන. එළියට දාපු මගේ ගීත හැත්තෑවක් වගේ තියෙනවා. ඒ නිසා ගීත හදිස්සියට එළියට දාන්න වුවමනා නැහැ.


ප්‍රවීණ, තරුණ බෙදීමක් නැතිව හැමෝම එක්ක සුරේන්ද්‍ර ගීත කරනවා නේද?
ඔව්. මට එහෙම බෙදීමක් නැහැ. මට මගේ ප්‍රේක්ෂකයන් වුණත් ගීත එවනවා. මම එයාලටත් අවස්ථාව දෙනවා. ඒ වගේම මට ප්‍රේමකීර්ති ද අල්විස්, කරුණාරත්න අබේසේකර, අජන්තා රණසිංහ, ස්ටැන්ලි ඔමාර් වැනි ප්‍රවීණයන්ගේ ගීතත් ලැබිලා තියෙනවා. මම ප්‍රවීණ තරුණ භේදයක් නැතිව හැමෝගෙම දක්ෂතාවට ගරු කරනවා.
ආදර ගීත, විරහ ගීත වගේම වෙනත් තේමාවල ගීතත් ලංකාවේ සංගීත පසුබිම තුළ ජනප්‍රිය කරගන්න පුළුවන්ද?
ඔව්. ඒ ගීතත් අහන අය ඉන්නවනේ. රසිකයෝ අහන විදියට කළොත් ඒ ගීතත් හිට් කරගන්න පුළුවන්. මම මගේ අම්මා ගැන ගීතයක් කරලා තියෙනවා. ඉදිරියේදී බුදු ගුණ ගීත වගේ වෙනත් තේමාවල ගීතත් කියන්න බලාපොරොත්තු වෙනවා.
සුරේන්ද්‍ර රසිකයෝ අතරට ගෙනාපු ගීත කොච්චර තිබ්බත් ප්‍රසංග වේදිකාවෙදී තාමත් ජෝතිපාලයන්ගේ ගීත ගායනා කරනවා නේද?
මගේ ගීත තමයි ප්‍රසංග වේදිකාවෙදි වැඩිපුර ගායනා කරන්නේ.

නමුත් ප්‍රේක්ෂකයෝ හරි සංගීත කණ්ඩායම හරි ඉල්ලපු වෙලාවට එච්.ආර්. ජෝතිපාලයන්ගේ ගීතත් එකක් දෙකක් ගායනා කරනවා.
ප්‍රවීණයන්ගේ ගීත ගායනා කරලා ඉස්සර වැටුණු ප්‍රශ්න දැන් සුරේන්ද්‍රට වැටෙන්නේ නැද්ද?
මම ක්ෂේත්‍රයට ආපු කාලේ එහෙම ප්‍රශ්න ඇති වුණා. ඒත් දැන් මම තනිකරම කියන්නේ ජෝතිපාලයන්ගේ ගීත නෙවෙයි. මෑතකදී මට එහෙම පෞද්ගලිකව ප්‍රශ්න මතු වුණේ නැහැ. කොහොම වුණත් විවිධ හැලහැප්පීම් එක්ක මේ ගමන යනවා.

සුරේන්ද්‍රගේ හඬ ටෙලි නාට්‍ය වගේම සිනමා පසුබිම් ගීතවලිනුත් අහන්න ලැබෙනවා. ඒ පැත්තට ආරාධනා ජයද?
මම මට ලැබෙන අවස්ථා භාරගන්නවා. සමහරු කියනවා මාව සම්බන්ධ කරගන්න කතා කළා ඒත් සම්බන්ධ කරගන්න බැරි වුණා කියලත්. මට අවස්ථා ලැබුණොත් පසුබිම් ගායන කටයුතුත් කරනවා.


රියැලිටිවලින් එන ගායන තරු කාලයකින් පේන්නවත් නෑ කියලා බොහෝ අයගේ මතයක් තියෙනවා. හැබැයි සුරේන්ද්‍ර
ක්ෂේත්‍රයේ තාමත් රැඳිලා ඉන්න, ඉල්ලුම තියෙන ගායකයෙක්. මොකක්ද
මේ රහස?
ඒකේ රහස මොකක්ද කියලා මටත් තේරෙන්නේ නැහැ. මම ගීත ඉල්ලගෙන ප්‍රසංග ඉල්ලගෙන යන්නේ නැහැ. ඒත් මට තාම වැඩ තියෙනවා. ඒකේ රහස මොකක්ද කියලා මාත් හොයනවා.
පෞද්ගලික ජීවිතයට විශේෂ කෙනෙක් එකතු කරගෙන වෙනසක් කරගන්න අදහසක් නැද්ද?
එහෙම අදහසක් නම් ගොඩක් කල් තියෙනවා. එක පාර ගෑනු ළමයෙක් ගේන්න බෑනේ. මේ අවුරුද්ද ඇතුළත ඒ වෙනස කරගන්න අදහසක් තියෙනවා.
ඒ කියන්නේ දැනටමත් විශේෂ කෙනෙක් ඉන්නවා?
ඔව්. විශේෂ කෙනෙක් ඉන්නවා. ඒ වෙනස වෙද්දි 'හදගැස්ම'ට අනිවාර්යයෙන් කියනවා.

(මව්බිම පුවත් පත ඇසුරෙනි)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment