ලංකාවෙන් සොයාගත් ඒඩ්ස් බෙහෙත බලධාරීන් අත්හරියි


එ්ඞ්ස් රෝග නිවාරණයට ශී‍්‍ර ලංකාවේ සිසුවෙකු සොයාගත් ඖෂධය තවදුුරටත් වැඩිදියුණු කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමාණවත් පහසුකම් නොමැති බව කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය පවසනවා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් ආනන්ද මහතා පැවසුවේ අදාළ පරීක්ෂණය සම්බන්ධයෙන් ඉදිරියේදී ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳ සිසුවා දැනුවත් කිරීමට පියවර ගත් බවයි. 

ඔහු මේ සඳහා භාවිතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැනෝ තාක්ෂණය බවත් ඒ සඳහා ප්‍රමාණවත් පහසුකම් වෛද්‍ය පරීක්ෂණ ආයතනය සතුව නොමැති බවත් පැවසුවා.

එ්ඞ්ස් රෝග නිවාරණයට ශී‍්‍ර ලංකාවේ සිසුවෙකු සොයාගත් ඖෂධය තවදුුරටත් වැඩිදියුණු කිරීම මේ වන විට අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බව ඊයේ (08) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් තුළින් හෙළි කළා.  එ් මෙරට බලධාරීන් එම පරීක්ෂණය තවදුරටත් සිදු කරගෙන යාමට අදාළ කිසිදු සහයෝගයක් ලබානොදීම හේතුවෙන් බවයි සිසුවා සඳහන් කළේ. මෙම ඖෂධය සොයා ගනු ලැබුවේ කොළඹ නාලන්දා විද්‍යාලයේ රඛිත මාලේවන සිසුවායි.

කෙසේවෙතත් වෛද්‍ය සුමිත් ආනන්ද මහතා පැවසුවේ මෙම ඹෟෂධය තවදුරටත් වැඩිදියුණු කිරීමට තරම් තාක්ෂණයක් ශ‍්‍රී ලංකාවේ තවමත් නොමැති බවයි.  එහෙත් රඛිත මාලේවන නෙත් නිවුස් සමග කියා සිටියේ තමන් විදේශ රටක සහය ලබාගෙන හෝ මෙම ඹෟෂධය වැඩිදියුණු කරන බවයි. 

(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment