සම්බන්ධය නවත්වන්න 'නීත්‍යනුකූල බිරිඳගෙන් වන්දි ඉල්ලන' අනියම් බිරිඳ

අනියම් සබඳතාව නැවැත්වීමට නම්  නීත්‍යනුකූල බිරිඳගෙන් වන්දියක් අවශ්‍ය යැයි අනියම් බිරියක් කළ ප්‍රකාශයක් පිළිබඳව කොටදෙණියාව ‍පොලිසියෙන් වාර්තා වනවා.

විදේශගතවූ තරුණ වියේ පසුවන කාන්තාවක වන ඇය එක්දරු පියෙකු සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔවුන් පසුගිය දා වෙනම  ජිවත්වන බව පවසා පලා ගොස් තිබෙනවා.

එම කාන්තාවගේ දෙමාපියන් හා එක්දරු පියාගේ බිරිය මේ සම්බන්ධව ‍පොලිසියට පැමිණිලි කර ඇති අතර ඊයේ(08)මේ සම්බන්ධ පරීක්ෂණය පැවැත්වුණා.

එහිදී අනියම් බිරිය එක්දරු පියාට දාව තමන්ට දරුවෙක් ලැබිමට නියමිත බැවින් නීත්‍යනුකූල බිරිය වන්දියක් ලබා දෙන්නේ නම් වෙන්වීමට කැමැති බව සඳහන් කර තිබෙනවා.

අවසානයේ එක්දරු පියා බිරිඳ සමග යන බව පවසා පොලිසියෙන් පිටව ගිය බවයි පොලිසිය සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment