14 හැවිරිදි දියණීය අඹුකමට ගත් නරුම පියා


වයස අවුරුදු 14ක  දියණිය සමග අඹුසැමි සබදතා පැවැත්වු 41 හැවිරිදි සැකකරු මදුරන්කුලිය උණාවේලිය  ප්‍රදේශයේදී  මුන්දලම පොලිසීය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරියගේ මව පොලිසීයට කරන ලද පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මව නිවසින් බැහැරව සිටි අවස්ථාවකදී පියා තමන්ව කෙළසු බව දියණිය මවට ප්‍රකාශ කර තිබෙනවා.

ඊට පෙර අවස්ථා කිහිපයකදීද පියා තමන්ට අතවර කල බවයි දැරිය කල ප්‍රකාශයේ සදහන් වන්නේ.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
 
සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment