අගමැතිට ජනපතිකමත් දෙයි

අගමැතිට ජනපතිකමත් දෙයි

ඉදිරියට එන තත්ත්වය හොඳ නැති නිසා මඤ්ඤොක්කා බතල හිටවන්නැයි තමන් ජනතාවට කියන බව ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා කියයි.

බදු වැඩි කිරීම තුළින් ආර්ථිකය කඩා වැටී ඇති බව පෙන්නුම් කරන බවත්, අගමැතිවරයා රටේ ඇති ප්‍රශ්න ගැන කියන්නේ භාගයට බවත්, ආර්ථිකය ගොඩගැනීමට ඔහුටද හැකියාවක් නැති බවත්, ඒ මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

රැකියා දසලක්ෂයක්, නිවාස ලක්ෂ 5ක්, මෙගා පොලිස් මෙවැනි ලොකු ඉලක්ක ගැන කතා කිරීමට පෙර අඩු තරමින් ආහාර සුරක්ෂිතතාවය හෝ ඇති කරන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය.

නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බවත්, සංශෝධන ප්‍රමාණවත් බවත්, ජනාධිපති ධූරයේ බලතල පවා අඩු කිරීමට නොහැකි වූ බවත්, පැවසූ ඒ මහතා මේ යන විදියට ගිහින් ජනාධිපති ධූරය අගමැතිවරයාට දෙනු ඇතැයිද පෙන්වාදුන්නේය.
Adaderana
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment