ඉන්දීය වකුගඩු ජාවාරම ගැන තවත් තොරතුරු

වැල්ලවත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ජාතිකයින් රුපියල් ලක්ෂ 05 ක මුදලකට සිය වකුගඩුවක් අලෙවි කර ඇතැයි විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

පොලිස් ආරංචිමාර්ග පැවසුවේ වකුගඩුවක් අලෙවි කිරීම සඳහා මැදිහත්වන තැරැුව්කරුවෙකු සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ එකහාමාරක පමණ මුදලක් ලබාදී ඇති බවයි.

වීසා කාලය ඉක්මවා ශ‍්‍රී ලංකාවේ රැඳී සිටි ඉන්දීය ජාතිකයින් අට දෙනෙකු වැල්ලවත්ත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ඔවුන්ගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී මෙම කරුණු අනාවරණ වී තිබෙනවා.

සැකකාර ඉන්දීය ජාතිකයන් අට දෙනා ඊයේ (04) පස්වරුවේ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කෙරුණා. රැඳවුම් නියෝග මත ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරන ලෙසයි මහේස්ත‍්‍රාත්වරයා එහිදී නියෝග කළේ.

මෙම ඉන්දීය ජාතිකයන්ගේ උදර ප‍්‍රදේශයේ කැපුම් තුවාල සලකුණුද දක්නට ලැබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක‍්‍රියාත්මකයි. 

(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment