නැගිටින පාතාලය මර්දනය කිරීමට මැදිහත් වන්න

අපරාධ කල්ලි සහ පාතාල මර්දනය කිරීමට මැදිහත් වන ලෙස ඒකාබද්ධ විපක්ෂය රජයෙන් ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩලස් අලහප්පෙරුම පවසන්නේ ඇතැම් පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වන තත්ත්වයක් පවතින බවයි.

මෙම තත්ත්වය තුළ රටේ නීතිය හා සාමය ඉදිරියේදී තර්ජනයකට ලක්විය හැකි බව අදාළ නිවේදනයේ සදහන්.

මෙහිදී ඒකාබද්ධ විපක්ෂය වැඩිදුරටත් අවධාරණය කරන්නේ පොලිස් කොමිසම සහ පොලිස්පතිවරයා පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමට සාධනීය පියවර ගත යුතු බවයි.

එමෙන්ම දේශපාලන පක්ෂ ද මේ පිළිබදව අවදානයෙන් කටයුතු කළ යුතු බව ඔවුන් පෙන්වා දෙනවා.

පාතාලය මෙහෙය වන බවට චෝදනා එල්ල වන්නන් සහ පාතාලයේ නැගිටීම පිළිබදව ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කරන බව ඒකාබද්ධ විපක්ෂය සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment