හයිඩ් පිටියේ රැළිය දූෂිතයන්ගේ එකතුවීමක්



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය ඊයේ (17)කොළඹ හයිඞ් පිටියේ සංවිධාන කර තිබූ ජනරැළිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අදහස් පළ කළා.

ජනතාවට වැරදි අවබෝධ ලබාදෙමින් පෞද්ගලික න්‍යාය පත්‍රයන් පදනම් කර ගනිමින් ඇතමුන් ආණ්ඩු විරෝධී රැළි පවත්වන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා.

කළුතර - පනාපිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ග හමුවේ විපක්ෂයේ කණ්ඩායම් විසින් පවත්වන ජනරැළි විහිළුවක් බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ.

තමන්ට එල්ල වී ඇති අපරාධ, වංචා, දූෂණ වසා ගැනීමේ අරමුණින් මෙවැනි රැළි පවත්වන බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

(under the courtesy of hirunews news web)


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment