එක්සත් ජාතීන්ගේ කොමසාරිස් කාර්යාලයෙන් ලංකාවට පැසසු

එක්සත් ජාතීන්ගේ කොමසාරිස් කාර්යාලයෙන් ලංකාවට පැසසුම්දැනට පවතින තත්ත්වයට වඩා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව කටයුතු කළ යුතු බව මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ යුරෝපා සංගම් නියෝජිතයින් පවසයි.

මානව හිමිකම් කටයුතුවලදී ශ්‍රි ලංකාව මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයත් සමඟ එක්ව කටයුතු කළ යුතු බව ඔවුන් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් මේ වන විටත් ශ්‍රී ලංකාව එම කාර්යාලයත් සමඟ එක්ව කටයුතු කරන බව පෙන්වා දෙන යුරෝපා සංගම් නියෝජිතයින් පවසන්නේ ඒ පිළිබදව තම ප්‍රශංසාව ශ්‍රි ලංකාවට පළ කරන බවයි.

එහෙත් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව පිළිබඳව කටයුතු කිරීමේදී දැනට පවතින තත්ත්වයට වඩා මානව හිමිකම් කාර්යාලය සමඟ එක්ව කටයුතු කළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

මේ අතර මානව හිමිකම් කටයුතුවලදී ශ්‍රි ලංකාවට උදව් උපකාර කළ යුතු ආකාරය පිළිබඳව මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙන් කුමරු ජාත්‍යන්තර ප්‍රජාවට පැහැදිලි කළ යුතු බව මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ යුරෝපා සංගම් නියෝජිතයින් පෙන්වා දී ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment