කට්ටඩියෙකුගෙන් ප්‍රතිකාර ගන්න ගිය කාන්තාව මරුට - ඡායරූප


අනුරාධපුර කටුකැලියාව ප්‍රදේශයේ කට්ටඩියෙකුගේ ප්‍රතිකාර ගන්න ගිය කාන්තාවක් හදිසියේ මිය ගොස් තිබෙනවා

මෙසේ  මිය ගොස් ඇත්තේ අනුරාධපුර නෙල්ලිකුලම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි  එක්දරු මවක්.

ඇය සිය සැමියා සමග ඊයේ සවස කටුකැලියාව ප්‍රදේශයේ පිහිටි කට්ටඩියෙකුගේ  නිවසට ගොස් තිබෙන්නේ ප්‍රතිකාර ලබාගැනීමේ අරමුණින්.

එහිදී පුජාවක් තබා ප්‍රතිකාර කිරීමට යාමේදී ඇයට දැඩිලෙස කරදර කල බවයි සැමියා පවසන්නේ.

පුජාව අතරතුර දෙහි ගෙඩියක් ගිල්ලවීමට යාමේදී ඇය සිහිසුන්ව ඇදවැටීමත් සමඟ සැමියා විසින් ඇයව රෝහල් ගත කිරීමට උත්සහ කලද කට්ටඩියා විසින් එය වලක්වා තිබෙනවා.

පසුව සැමියා විසින් අද (14) උදැසන ඇය රෝහල් ගත කිරීමට කටයුතු කලත් ඒ වනවිටත් මෙම කාන්තාව මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කර ඇත්තේ.

සිද්ධියට  සැකපිට කට්ටඩියා සහ තවත් තරුණයින් දෙදෙනෙක් අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නේ.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment