‘දුප්පතෙකු ලෙස ඉපදීම ඔබගේ වරදක් නොවුණද.. දුප්පතෙකු ලෙස මියයාම ඔබේ වරදක්“ මෙය ප්‍රසිද්ධ කියමනක්.
දුප්පත් පවුලක දරුවෙකුට ඉන් මිදීමට ඇති එකම මග අධ්‍යාපනයයි. නමුත් අධ්‍යාපනය ලබා දෙන පාසලෙනුත් දුප්පත්කමට නිගා කරන තත්ත්වයට අද සමාජය පිරිහී තිබීම සැබැවින්ම ඛේදවාචකයක්.
දුප්පත්කම නිසා අසරණ වූ නිවුන් දරු දෙපළක් ගැන කතාවක් තරුණයෙකු සිට ෆේස්බුක් ගිණුමට එකතු කර තිබුණේ මෙලෙසින්.
‘‘මේ ඉන්නේ පියුමියි, මයුමියි... නිවුන් දරුවෝ. ඉගෙන ගන්නේ තිස්සමහාරාමය ප්‍රදේශයේ කුඩා පාසලක 8 වසරේ...
පාසලෙන් විදුහල්පති සහ පන්තිභාර ගුරුතුමා කීවලු නැවත පාසල් එන්න එපා කියලා. හේතුව මේ දෙන්නා ලඟ "ගඳයිලු" පිරිසිදු නැහැල්ලු. මේ කතාව අපට කීවේ දරුවන්ගේ අම්මා.
මේ ඡායාරූපය ගත්තේ මම. අද මම මේ ගෙදරට වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් පරිත්‍යාග කලා. මේ අයගේ අයියා මානසික ආබාධයකින් කුඩා කල සිටම පෙළෙන කෙනෙක්.
දරුවෝ දෙන්නත් එච්චරම සමාජශීලී අය නෙවෙයි කියලා මට හිතුනේ. සමහර විට මම දැක්කහම බය වුණාද දන්නෙත් නැහැ. හරි ලස්සන හිනාවක් දෙන්නටම තියෙන්නේ. මටනම් දෙන්නා වෙන් කරලා අඳුරගන්නත් අමාරුයි. දැන් පාසලෙන් කියන කතාව ඇත්තක්ද බලන්න මාත් මෙයාලට ලං වුණා. ඒ දරුවෝ ගාව එහෙම අප්‍රසන්න දුගඳක් හැමුවේ නැහැ.
මේක තව ටිකක් පැහැදිලි කරගන්න ඕන නිසා මම මෙහෙම ඇහුවා අම්මගෙන් කෙලින්ම. "ඇයි එහෙම කියන්නේ කියලා දන්නේ නැතිද, මෙයාලා උදේට ඉස්කෝලේ යනකොට නාන්නේ, මූණ හෝදන්නේ නැතිද?"
"හැමදම ඉස්කෝලෙ ඇරිලා ආවහම නානවා, උදේටනම් නාන්නේ නැහැ. අපිට බොන්න වතුර ටිකක්වත් නැහැ. අර කඩේ මහත්තයලගේ ගෙදරින් තමා උදේට වතුර කෑන් එකක් අරන් එන්නේ, මෙයාලා ලඟ එහෙම ගඳක් එන්නේ නෑ, ඒත් පන්තියේ මේ දෙන්නව අනික් ළමයින්ගෙන් වෙන් කරලා වෙනම මුල්ලකට දාලා තියෙන්නේ, සර්ලා ඉස්කෝලේ එන්න එපා කියලා බනිනවලු. ඉතිං දරුවෝ ඉස්කෝලේ යන්න බෑ කියලා අඬනවා මහත්තයා"
මොනයම් හෝ හේතුවක් නිසා මේ දරුවෝ ලඟින් අප්‍රසන්න දුඟදක් හැමුවත් ඒ විදිහට දරුවන්ට පාසල් එන්න එපා කියන්න විදුහල්පති කෙනෙක්ට හෝ ගුරුවරයෙක්ට හැකියාව තිබේද?
මේ සඳහා ගතහැකි පියවර මොනවාද?
මේ පිළිබඳ මා දැනුවත් කලයුතු බලධාරීන් කවුරුන්ද?
මේ දරුවන්ට දුප්පත් කමෙන් ගොඩ එන්න තියෙන එකම මාර්ගය හොඳට ඉගෙනගෙන හොඳ රැකියාවකට යන එක. ඒත් මේ ප්රශ්නය නිසා මේ දරුවන්ට ඒ අවස්තාවත් නොලැබී යනවා. ඒ විතරක් නෙමේ මේ දරුවෝ මානසිකවත් වැටෙනවා. දෙමව්පියෝත් උගත් අය නෙමේ. කුළී වැඩ කරලා ජීවත්වෙන එයාලාට මේ ප්රශ්නය ගැන හොයන්න ඉස්කෝලෙට යන්න වෙලාවකුත් නැහැලු. ඉතිං මේ ප්රශ්නය විසඳලා දෙන්න මට උදව් කරන්න...
සැ.යු : මෙහි සඳහන් නම් සත්‍ය නම් නොවන අතර මෙය මේ දරුවන්ගේ මවගේ ප්‍රකාශයක් පදනම් කරගෙන දමන ලද පෝස්ට් එකක් බවත් නිරවද්‍යතාව පිළිබඳ පරීක්ෂා කිරීමට මාහට පාසලට ගොස් සාකච්ඡා කිරීමේ හැකියාවක් නොලැබුණ බවද, ඒ සඳහා මාහට නීතිමය අවසරයක් නොමැතිබවද කරුණාවෙන් සළකන්න.
සැ.යු : මෙහි සඳහන් නම් සත්‍ය නම් නොවන අතර මෙය මේ දරුවන්ගේ මවගේ ප්‍රකාශයක් පදනම් කරගෙන දමන ලද පෝස්ට් එකක් බවත් නිරවද්‍යතාව පිළිබඳ පරීක්ෂා කිරීමට මාහට පාසලට ගොස් සාකච්ඡා කිරීමේ හැකියාවක් නොලැබුණ බවද, ඒ සඳහා මාහට නීතිමය අවසරයක් නොමැතිබවද කරුණාවෙන් සළකන්න.
ratr gossip
0 comments :
Post a Comment