දොළොස් වියැති තම දියණියට අතවර කළ නරුම පියා අත්අඩංගුවේ



වයස අවුරුදු 12ක් වන තම බාල වයස්කාර දියණියට වසර 03 ක කාලයක් තිස්සේ වරින් වර ලිංගික අතවර සිදු කළ බව කියන 52 හැවිරිදි පියෙකු අත්අඩංගුට ගෙන ඇති බව පුත්තලම පොලීසිය කියයි.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම - අට්ටවිල්ලුව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

තමන්ට පියාගෙන් සිදුවන අතවර සම්බන්ධයෙන් දැරිය අසල්වැසි කාන්තාවකට පවසා ඇති බවත්,ඇය මේ බව දැරියගේ පන්ති බාර ගුරුවරියට පවසා ඇති බවත්,අනතුරුව ගුරුවරිය මෙම සිද්ධිය ළමා ආරක්ෂණ අධිකාරියට දන්වා ඇති බවත් සඳහන්ය.

ළමා ආරක්ෂණ අධිකාරිය විසින් සිද්ධිය පුත්තලම පොලීසියට දැනුම් දී පරීක්ෂණ සිදු කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසිය දැරිවියගේ ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

2002 වසරේදී‍ පියා තමන්ට පළමු වරට අතවර කළ බවත් ඒ වන විට මව පියා සමග අමනාප වී නිවසින් පිටව ගොස් සිටි බවද දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇත.

 පසුව මව පියා සමග සමාදානවී නිවසට පැමිණ සිටියත් රාත්‍රී කාලයේ ඇය නින්දට ගිය විට පියා පැමිණ තමන්ට අතවර සිදු කරන බවත්,මේ සම්බන්ධයෙන් යම් අයෙකුට පැවසුව හොත් තමන්ව මරා දමන බවට පියා විසින් කර තිබූ තර්ජනයට බියෙන් කිසිවක් කිවෙකුට හෙළි නොකළ බවත් ඇය පොලීසියට පවසා තිබේ.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment