රූම් වෙනුවට බොක්ස් එකක් ඇතුලේ ආදරේ නාමයෙන් පෙම්සුව සොයන හිරිමල් යෞවනය - රහසිගත වීඩියෝ

රුපියල් 350ක් දීලා පැය ගාණක් ඉන්නවලු

ආදරයෙන් අන්ධ වුණු අපේ රටේ ඉන්න ඇතැම් පෙම්වතුන් තමන් කරන්නේ මොනවද කියලා සමහර විට දන්නේ නෑ. ඒ දේවල් වැරදි කියලා ඒ අයට තේරුම් යන්න ටිකක් කල් යනකොට වෙන්න ඕනි ගොඩක් දේවල් වෙලා ඉවරයි.

 මේ විදියට මාතර දික්වැල්ල නගරයේ ඇති ප්‍රසිද්ධ සිනමා ශාලාවකට යන ඒ පැත්ත පෙම්වතුන් කරන නොහොබිනා වැඩක් ගැන හිරු CIA වෙත රහසිගත තොරතුරක් ලැබුණා. මේ චිත්‍රපට ශාලාවේ  කලමනාකාරිත්වය චිත්‍රපට නැරඹීම සඳහා ස්ථාපිත කර ඇති කුටි පහසුකම් උදෑසන 7.30 සිට තාවකාලික ලැගුම්හල් ලෙස උපකාරක පංති සඳහා පැමිණෙන දරු දැරියන්ට ලබා දී මුදල් උපයනවා කියලා තමයි ආරංචිය ලැබිලා තිබුණේ.

ඒ වගේම ඇතැම් වැඩිහිටි පිරිමින් පාසල් සිසුවියන්ද මෙම ස්ථානයට කැඳවාගෙන එන බව CIA වෙත තොරතුරු ලබා දුන් පුද්ගලයන් පවසා සිටියා. ඒ එක් කුටියක් සඳහා සිනමා ශාලාවේ භාරකරු අයකරනා මුදල රුපියල් 350 ක් වන අතර සාමාන්‍යයෙන් සිනමා ශාලාවකට ඇතුළුවීමේදී ප්‍රවේශපත්‍ර නිකුත් කර මුදල් ලබා ගැනීම සිදු වුවද මෙහි එවැන්නක් සිදුවන්නේ නැහැ.

සිද්ධිය පිළිබඳව සම්පූර්ණ වීඩියෝව පහතින්......

(under the courtesy of hirunews news web)


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment