අල්ලස සහ දුෂණය පිටුදැකීමට විශේෂ වැඩපිළිවෙළක්



අල්ලස සහ දුෂණය පිටු දැකීම සඳහා රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම පියවර ගෙන තිබේ.

ඒ අනුව මෙහි පළමු වැඩසටහන පසුගියදා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් සමඟ පවත්වා ඇති බව වාර්තා වෙයි.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අල්ලස සහ දූෂණය නැති කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් එම නිලධාරීන් හමුවේ කරුණු පැහැදිලි කර තිබේ.

ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් සිදු කළ ඇතුම් යෝජනා ක්‍රියාත්මක කිරීමට ආගමන විගමන නිලධාරීන් එකඟතාව පළ කර ඇති බව සඳහන්ය.

විශේෂයෙන්ම අල්ලස් ලබාදීම් පිළිබඳව සහ අල්ලස් ලබා ගැනීමට උත්සහ කිරීම් පිළිබඳව හැකි ඉක්මනින් තම කොමිසම වෙත දැනුම් දෙන ලෙසද අල්ලස් කොමිසමේ නිලධාරීන් ආගමන විගමන නිලධාරීන්ට දැනුම්දී තිබේ.

කෙසේ වෙතත් ආගමන විගමන දෙපාර්තමේන්තුව අල්ලස් දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව සිදු කෙරෙන වැඩසටහන ඉදිරි දිනවලදී සිදු කිරීමට නියමිතය.

මේ අතර ඉදිරියේදී අනෙකුත් රාජ්‍ය ආයනත ප්‍රධානීන් කැඳවා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කරන බව අල්ලස් හෝ දුෂණ කොමිසන් සභාව සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment