වියට්නාම් යුධ සමයේ ප‍්‍රහාරක යානා ISISට එරෙහිව


අත්හදාබැලීමක් ලෙස අඩ සියවසක් පැරණි ඇමරිකානු ප‍්‍රහාරක යානා සිරියාවේ හා ඉරාකයේ ISIS ඉලක්ක වෙත ගුවන් ප‍්‍රහාර එල්ල කිරීම සඳහා යොදාගෙන ඇත.

කැරලිකාරීත්වයන් මැඩලීම සඳහා මෙම ගුවන් යානා නිත්‍ය ලෙස යොදාගනීම පිළිබඳ සලකා බැලීම සඳහා මෙම අත්හදාබැලීම සිදුකර ඇතැයි පැවසේ.

ඇමරිකානු මධ්‍ය විධානයේ ප‍්‍රකාශක කපිතාන් බ‍්‍රයන්ට් ඬේවිස් පවසා ඇත්තේ 1965දී මුල් වරට වියට්නාම් යුද්ධය සඳහා භාවිතා කෙරුණු OV-10 බ්‍රොන්කෝ ප‍්‍රහාරක යානය මෙලෙස පරීක්‍ෂා කෙරුණු යානා අතර වන බවයි.

එක් නියමුවෙක් හා සහයකයෙක් පමණක් මෙම පරීක්‍ෂණ මෙහෙයුම් සඳහා යොදාගනු ලැබූ අතර අදාළ කාලයේදී OV-10 යානා විසින් ප‍්‍රහාරක මෙහෙයුම් 120ක් පමණ සිදුකළ බවත් ඔහු පවසා තිබේ.

ත‍්‍රස්ත විරෝධී මෙහෙයුම් සඳහා පැරණි ප‍්‍රහාරක යානා භාවිතා කිරීම පිළිබඳව අවධානය දැක්වීමට ප‍්‍රධාන හේතුව වන්නේ ඒවා අඩු වේගයක් සහිත වීම බව පැවසේ.

F-15ල F-35 වැනි නවීන ප‍්‍රහාරක යානාවන් බොහෝ සෙයින් වේගවත් වන නමුත් බ්‍රොන්කෝ යානයේ පැයට සැතපුම් 223ක මද වේගය හේතුවෙන් සතුරා සතුව දියුණු ගුවන් යානා නාශක අවි නොමැති නම් පහතින් ගමන් කරමින් වඩා පහසුවෙන් ප‍්‍රහාර එල්ල කිරීමට එයට හැකියාව පවතී.

මින් පෙර මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුම් සඳහා මෙම යානා භාවිතා කර ඇතැයි වාර්තා වේ.
(under the courtesy of lankacnews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment