ලොව විශාලතම සබ්මැරීනයේ න්‍යෂ්ටික අවි ඉවත් කෙරේ..



මේ වසරේදී ටයිෆූන් කාණ්ඩයේ සබ්මැරීනයක්වූ ආකාන්ගෙල්ස්ක් හි න්‍යෂ්ටික මිසයිල පද්ධතිය ගලවා ඉවත් කිරීමට නියමිතව ඇත.  මෙය ලොව විශාලතම සබ්මැරීනයයි.

ඇමරිකාව හා රුසියාව අතර ක‍්‍රියාත්මක උපායමාර්ගික ප‍්‍රහාරක අවි තවදුරටත් අවමකිරීම හා සීමාකිරීම සඳහා පියවරයන් හෙවත් නව ස්ටාට් එක`ගතාවයට අනුව රුසියාව විසින් මෙලෙස න්‍යෂ්ටික මිසයිල ඉවත්කරන බව පැවසේ.

උතුරු රුසියාවේ සෙවෙරොද්වින්ස්ක් නගරයේ ස්වෙස්ඩොච්කා නෞකාංගණය තුළ මෙය සිදුකෙරෙනු ඇති අතර ඒ සඳහා ඩොලර් ලක්‍ෂ 4ක පමණ මුදලක් වැයවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ආකාන්ගෙල්ස්ක් සබ්මැරීනය ගලවා ඉවත් කිරීමක් මෙහිදී සිදුනොවන බවත් සිදුකෙරෙන්නේ යළි එහි න්‍යෂ්ටික මිසයිල භාවිතා කළ නොහැකි ලෙස සකස් කිරීම පමණක් බවත් රුසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

1987දී සෝවියට් දේශය විසින් නිර්මාණය කළ මෙම යෝධ සබ්මැරීනයට මාස ගණනාවක් පුරා 179ක පිරිසක් සමග ජලය තුළ රැඳී සිටිය හැකි අතර අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල 20ක් ගබඩා කරගැනීමේ හැකියාව පැවතිණි.

80 දශකයේදී නිපදවුණු ටයිෆූන් කාණ්ඩයේ සබ්මැරීන 6න් 3ක් මේ වන විට ගලවා දමා ඇති අතර ආකාන්ගෙල්ස්ක් හා සෙවෙර්ස්ටල් සබ්මැරීනද ඉදිරියේදී ගලවා දැමීමට නියමිතව පවතී.

ද්මිත‍්‍රි ඩොන්ස්කොයි සබ්මැරීනය මෑතකදී නවීකරණය කළ අතර බුලාවා මුහුදු මිසයිල පරීක්‍ෂා කිරීම සඳහා එය භාවිතා කිරීමට නියමිතය
.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment