ජනපති පුත් දහම් සිරිසේනගෙන් 'රාජකීය' වැඩක්.. වෙදිකවට බලෙන් ගොඩවෙ


0

137 වැනි රාජකීය – ශාන්ත තෝමස් මහා ක‍්‍රිකට් තරගයේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන වේදිකාවට, ජනාධිපති පුත් දහම් සිරිසේන මහතා බලහත්කාරයෙන් කඩා වැදී ඇති බව වාර්තා වේ.

මෙම මහා ක‍්‍රිකට් තරගයේ ත්‍යාග ප‍්‍රදානෝත්සව වේදිකාවට සාම්ප‍්‍රදායිකව ඇරයුම් ලබන්නේ ප‍්‍රධාන ආරාධිත, අනුග‍්‍රාහක ආයතනයේ ප‍්‍රධානී, විදුහල් දෙකෙහි විදුහල්පතිවරුන් දෙදෙනා හා තරග සංවිධායක කමිටුවේ ප‍්‍රධානීන් පමණි.

ඒ අනුව මෙවර ප‍්‍රධාන ආරාධිත වශයෙන් රාජකීය ආදි ශිෂ්‍ය, ආග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහට, අනුග‍්‍රාහක ආයතනයේ සභාපති ලෙස ශාන්ත තෝමස් ආදි ශිෂ්‍ය හාන්ස් විජේසූරියට, දෙවිදුහල්පතිවරුන්ට හා සංවිධායක කමිටුවේ ප්‍රධානීන්ට පමණක් වේදිකාවට ඇරයුම් ලැබී තිබිණි.

එහෙත් කිසිදු ඇරයුමකින් තොරව සහ මෙතෙක් පැවැති පෙර කී සම්ප‍්‍රදායට පටහැනිව රාජකීය ආදි ශිෂ්‍ය දහම් සිරිසේන මහතා ත්‍යාග ප‍්‍රදානෝත්සව වේදිකාවට ගොඩවී ඇත. එයට තරග සංවිධායක කමිටු සාමාජිකයන් විරෝධය පල කරද්දී ‘‘හොඳයි පස්සේ බලාගමු, මම ජනාධිපතිගේ පුතා’’ යනුවෙන් පවසමින් වේදිකාවේ දකුණුපස පඩිපෙළින් බැස ගිය දහම් සිරිසේන යළි වම්පස පඩිපෙළින් වේදිකාවට ගොඩ වී ඇත.

ගයන්ත කරුණාතිලක, නවීන් දිසානායක, ආචාර්ය හර්ෂ ද සිල්වා වැනි රාජකීය ආදි සිසුන් රැසක් මෙම අවස්ථාවට සහභාගීව සිටියත් ඔවුන් සියලූ දෙනා විදුහල් සම්ප‍්‍රදායට ගරු කරමින් උත්සව සභාවේ සිට ත්‍යාග ප‍්‍රදානය නරඹන අයුරු දැකගත හැකි විය.

මෙම සිදුවීමට අදාළ ඡායාරූප කිහිපයක් මෙසේ පළ කරන්නෙමු.
(under the courtesy of lankacnews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment