KDH වාහනය තුළ 5ක් ගිනිතබා අළු කළ දංකොටුවේ ඝාතකයන් දුන්නු ගේම ගැන පාපොච්චාරණය කරයි


‘‘නේවි කපිල දුන්නු වද ඉවසන්න බැරිවුණා,
රත්මලානේ නයිනා, පෑලියගොඩ නීල්, කටානේ ක්‍රිෂාන්ත නොහොත් සූප්පුවාත්
එතන හිටියලු‘‘

දංකොටුව ප්‍රදේශයේදී KDH වාහනයක් තුල 5 දෙනෙකු අභිරහස් ලෙස ඝාතනය වීමේ සුළමුල මේ වන විට හෙළිව තිබෙනවා. මෙය කප්පම් සිද්ධියක් මත සිදුවූ බවට අප මීට පෙර සඳහන් කර සිටි අතර එය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් 5 දෙනා මේ වන විට පාපොච්චාරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් පවසා ඇත්තේ ගිනිගත් වාහනයේ රියදුරා වූ ‘‘නේවි කපිල‘‘ පන්නලට නුදුරු ප්‍රදේශයක පිහිටි ෆ්‍රැක්ටරියකට බොයිලේරුවකින් අවශ්‍ය සේවා සැපැයුමක් ලබාදීමට පෞද්ගලික කොන්ත්‍රාත්තුවක් ලබාගෙන ඇති සුළු පරිමාණ ව්‍යාපාරිකයකුගෙන් මාස හයෙන් හයට රුපියල් පනස්දහස බැගින් කප්පම් ලබා ගැනීමට පුරුදුවී සිට ඇති බවයි.

එවැනි අන්දමට කප්පම් ගන්නා කණ්ඩායමේ නායකත්වය දරා ඇත්තේ එම වෑන් රිය භාරව සිටි නේවි කපිල නොහොත් සෙනරත් බණ්ඩාර නමැත්තකු බවටත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

එම පරීක්ෂණවලට අනුව මේ කප්පම් කල්ලිය අදාළ ව්‍යාපාරිකයා හමුවීමට පැමිණ කලින් මාසවලත් ඉතිරිව ඇති කප්පම් මුදල්ද සමඟ රුපියල් හැත්තෑදහසක මුදලක් ඉල්ලා තර්ජනය කොට තිබෙන අතර මේ මැර කල්ලියෙන් බේරීමට බැරි බව දැනගත් අදාළ ව්‍යාපාරිකයා මුදල් සොයාගෙන එනතුරු ඔවුන්ට මත්පැන්වලින් සංග්‍රහ විඳීම සඳහා මත්පැන් බෝතල් 6ක් පමණ ලබාදී ව්‍යාපාරිකයා මුදල් රැගෙන එනතුරු මත්පැනින් සප්පායම් වී මාකඳුර පොළ අසල රැඳී සිටින ලෙස ඔවුන්ට දැනුම් දී තිබෙනවා.

දැනට සැකකරුවන් විසින් පවසා ඇති ආකාරයට මෙම ඝාතනයට හේතු වී ඇත්තේ මියගිය නේවි කපිල නැමැත්තා විසින් ව්‍යාපාරික මංජු නැමැත්තාගෙන් මාසිකව  ලබාගත් රුපියල් 50,000 ක කප්පමක් බව හෙළි වී ඇත.

මංජු නැමැත්තා විසින් බඩල්ගම ප්‍රදේශයේ පිහිටි රබර් අත්වැසුම් සාදන කර්මාන්තශාලාවෙන් බොයි‍ලේරුවක් පවත්වාගෙන ගොස් ඇත. එම කර්මාන්තශාලාවේ මොහුට මාසිකව රුපියල් එක් ලක්ෂ විසි දහසක මුදලක් කුලී මුදල වශයෙන් ලබා දී ඇත.  මෙම ව්‍යාපාරිකයාගෙන් සුපුරුදු පරිදි නේවි කපිල විසින් කප්පම් ලබා ගැනීම මීට මාස කිහිපයකට පෙරසිටම සිදුකරගෙන ගොස් ඇත. මේ හේතුවෙන් මංජු නැමැත්තා දැඩි ලෙස අසරණව සිට ඇති අතර මොහු කිහිපවතාවක්ම මේ පිළිබඳව සිය මිතුරන්ට පැවසූ බවද සඳහන් වේ. එහෙත් නේවි කපිල සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ තිබූ බිය හේතුවෙන් ඔහුට විරුද්ධව කිසිවකු ඉදිරිපත් වීමට කැමති වී නැත.

එසේම නේවි කපිලට ඒ වනවිටත් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් රුපියල් විසි දහස, තිස් දහස බැගින් මාසිකව කප්පම් ලබාදීම හේතුවෙනුත් මංජුට එයට විරුද්ධව නැගී සිටින්නට හැකියාවක් ලැබි නැත. මේ අනුව නේවි කපිල පසුගිය 09 දා රාත්‍රියේ මංජුට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ තමන් අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙමින් සිටින බවත් රාත්‍රියේ බිම සඳහා අරක්කු බෝතල් තුනක් සහ කටගැස්ම සකස් කරන ලෙස දන්වා ඇත.

මංජු එයට කැමැත්ත පළකර ඇති අතර ඒ අනුව ඔහු මේ සඳහා සූදානමින් සිටියදී මෙම කරදරයෙන් ගැලවීම සඳහා ඔහු උපායක් කල්පනා කර ඇත. ඒ අනුව මේ සඳහා මිනීමැරුම් චෝදනා ලැබ සිටි චමින්ද නැමැති අයකුද තවත් මිතුරන් තිදෙනකු ද නිවසට කැඳවා එදින රාත්‍රියේ නේවි කපිලට පහර දී ඝාතනය කිරීමට සූදානම් වී ඇත.

 ඒ අනුව රාත්‍රියේ නේවි කපිල තවත් පුද්ගලයන් සිව් දෙනෙකු සමගින් මාකඳුර මංජුගේ නිවසට පැමිණ ඇති අතර රාත්‍රියේ මත්පැන් බිමට පටන්ගෙන ඇත. මේ අතරතුර මංජු විසින් උපායක් ලෙස ඔවුන් පැමිණි නවතම වර්ගයේ වෑන් රථයෙහි ගීත ශබ්දය වැඩිකොට ඇත. මෙහිදී බිමත්ව සිටි පිරිස අතර නේවි කපිල, රත්මලානේ නයිනා, පෑලියගොඩ නීල්, කටානේ ක්‍රිෂාන්ත නොහොත් සූප්පුවා ද ඇතුළු 5 දෙනෙකු සිට ඇත.

ඉන් අනතුරුව මෙම පිරිස වෙරිමතින් එකා දෙදෙනා මුත්‍රා කිරීම සඳහා නැගිට යන අවස්ථාවේදී පිටුපසින් ගිය මංජු ඇතුළු පිරිස යකඩ ‍පොල්ලකින් හිසට පහර දී ඝාතනය කොට ඇත. එසේ ඝාතනය කිරීමෙන් අනතුරුව පස්දෙනාගේ මළ සිරුරු ඔවුන් පැමිණි වෑන් රථයේ දමාගෙන මාකඳුර ඉරිදා සති‍පොළ භූමියට පැමිණ ඇත. වෑන් රථය මංජු විසින් පදවා ඇති අතර තවත් යතුරු පැදි දෙකකින් මංජුගේ සගයන් වෑන් රථයට ආරක්ෂාව සපයමින් ඉදිරියෙන් ගොස් ඇත.

එසේ ගිය පිරිස මාකඳුර ඉරිදා සති‍පොල භූමියේ මළසිරුරු දමා ගිනි තැබිමට සූදානම් වී ඇති අතර එහෙත් එතැනදී ‍පොලිසියට කොටු වෙතැයි සැකයෙන් පිරිස නැවතත් මළ සිරුරු රැගෙන දංකොටුව බුජ්ජම්‍පොල කොස්හේනවත්ත ප්‍රදේශයේ පාළු ප්‍රදේශයට පැමිණ මළ සිරුරු සහිතව වෑන් රථයට පෙට්‍රල් වත්කොට ගිනිතබා ඇත. එසේ ගිනි තබා නැවත ඔවුන් නිවසට පැමිණ ඇත.

කෙසේ වෙතත් සැකකාර මංජු නමැත්තා පවසා ඇත්තේ තමන්ට පසුගිය කාලයේ නේවි කපිල විසින් සිදුකරන ලද හිරිහැර හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
නේවි කපිල විසින් පුද්ගලයන් දෙදෙනකුද මීට පෙර ඝාතනය කර ඇත. එසේ ඝාතනය වූ එක් ත්‍රිරෝද රියැදුරෙකු මෙම ගිනිතැබූ ස්ථානයට දමා ගොස් තිබූ බව ‍පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment