නිවාඩු ආපු හමුදා සෙබළා රෝගී කාන්තාවට කරන්න ගිය වැඩේ



මාතර වල්පල ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කල ගුවන් හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ පසුගිය 25 වනදා අදාළ කාන්තාව නිවසේ තනිවම සිටින අවස්ථාවෙිදී සැකකරු යතුරු පැදියකින් පැමිණ ඇති බවයි.

අනතුරුව කාන්තාව නිවස තුළට රැගෙන ගොස් අතවර කිරීමට  තැත් කර තිබෙනවා.

තමන් රෝගී කාන්තාවක් බව පැවසීමෙන් අනතුරුව තියුණූ ආයුධයක් පෙන්වා ඇය බියගන්වා සැකකරු පලා ගොස් ඇතැයි සදහන්.  

24 හැවිරිදි  සැකකරු රත්මලාන ගුවන් හමුදා කදවුරට අනුයුක්ත අයෙකු බව පොලිස් මාධ්‍ය ඒකකය තහවුරු කලා.  

සැකකරු  මාතර වල්පල කුමාරදාස මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මාතර පොලිසීය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ මෙහෙයවනවා.
(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment